මැතිව්ස්ට නායකත්වය අහිමිවෙයි
ඇන්ජලෝ මැතිව්ස්
පන්දුවාර 20 නායකත්වයේ පමණක් තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු
චන්දික හතුරුසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්ථා වනවා. මේ අනුව එක්දින නායකත්වය දිනේෂ්
චන්දිමාල්ට ලබාදීමටයි තීරණය වී ඇත්තේ. 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය
දක්වා නායකත්වයේ කටයුතු කළ හැකි බව පවසමිනුයි මැතිව්ස් යලිත් එක්දින හා පන්දුවාර
20 නායකත්වයට පසුගියදා පත්කලේ. සාමාන්‍ය පිලිවෙත වන්නේ ඉල්ලා අස්වූ ක්‍රීඩකයෙක්ට යලිත්
නායකත්වය ලබා නොදීමයි. එහෙත් එය උල්ලංඝනය කරමින් මෙම පත්කිරීම සිදුකලේ තේරීම්
කමිටු සභාපතිවරයාගේ අවශ්‍යතාව අනුව බවයි වාර්ථා වුණේ. කෙසේ වෙතත් අවසානයේ
පත්කිරීම සිදුකර ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළේ එක් එක්දින තරගයක් පමණයි. ආබාධ ඔහුව
කණ්ඩායමෙන් මෙන්ම සංචිතයෙන්ද ඉවතට ඇද දැමුවා. පසුව නායකත්වය දිනේෂ් චන්දිමාල්ට
ලබාදීම සිදුවුණා.
එය සාර්ථක වෙමින් චන්දි
ශ්‍රී ලංකාව තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහනය කරා කැදවාගෙන ගියා. මේ වන විට
ටෙස්ට් තරගාවලියේද වැඩි ගෞරව දිනා ගැනීමට කණ්ඩායම මෙහෙයවමින් සිටිනවා. මේ අතර
බංග්ලාදේශ පන්දුවාර 20 තරගාවලියෙන්ද ඇන්ජලෝ මැතිව්ස් විවේක ගැන්වීමට තීරණය කර
තිබෙනවා. එහි නායකත්වය තිසර පෙරේරාට ලබාදීමටයි නියමිතව ඇත්තේ. කෙසේ වෙතත් නිදහස් කුසලාන
පන්දුවාර 20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවීමට
නියමිතයි.
No comments