• Breaking News

    ක්‍රිකට් ආයතනයට හදිසියේ මතක් වූ දේ

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් ආබාධවලින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීම සදහා වැඩපිලිවලක් සකස්කර තිබෙනවා. ඒ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව බවයි වාර් ථා වන්නේ. පසුගිය කාලය පුරා ක්‍රිකට් ක්‍රීඩකයින් 20 කට අධික පිරිසක් විවිධ ආබාධවලින් යුතු වුණා. එහෙත් ක්‍රිකට් ආයතනය මෙතෙක් කල් සිදු කළේ තුවාලයට බේත් දැමීම පමණයි. තුවාල වන හේතුව නැති කිරීමට ක්‍රිකට් ආයතනයේ අවධානය මෙවර යොමුවීම පුදුමයට කරුණක්.
    ඒ පිලිබද ක්‍රිකට් ආයතනය නිකුත්කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වෙනවා.

    ක්‍රිකට් ක්‍රීඩකයන් ආබාධ වලින් රැකගැනීමේ වැඩපිළිවෙලක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පළමු ශ්‍රේණියේ සහ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන් සහා ආබාධවලින් තොරව අඛණ්ඩව ක්‍රීඩාවේ නියැලීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව සකස්කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇත.

    මේ කර්තව්‍ය සාර්ථක කරගැනීමට රටපුරා විසිර සිටින ප්‍රිමියර් හා නැගී එන ක්‍රිකට් සමාජ හා ක්‍රීඩකයන් දැනුවත් කිරීමට කටයුතු යොදන බව බෙත්තාරාම ක්‍රීඩාංගණයේ උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ ශාරීරික දක්ෂතා අංශයේ කළමනාකරු රොබ් චෙව් මහතා ප්‍රකාශ කරයි.

    ආබාධවලින් තොරව ක්‍රීඩකයෙකු බිහිකිරීම සහා ක්‍රමවත් යෝග්‍යතාව හා පෝෂණ සංස්කෘතියකට ඔවුන් යොමු කරන බව ද රොබ් චෙව් මහතා පවසයි. 

    ක්‍රීඩාපිටිය තුළ ක්‍රීඩකයන් ක්‍රියාශීලිව දස්කම් දැක්වීමට ඔවුනට ශක්තිය ලබාදීමෙන් හා ශක්තිය දරාගැනීමේ හැකියාව ප්‍රගුණ කිරීමෙන් ඔවුනගේ වේගයත්, දක්ෂතාවයත් වැඩිවනු ඇතැයි ද රොබ් චෙව් මහතා පැවසීය.

    මේ අරමුණ සාර්ථක කරගැනීමේ පියවරක් ලෙස ප්‍රිමියර් හා නැගී එන ක්‍රිකට් සමාජයන්හි පුහුණුකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් නොබෝදා බෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළේය.  මේ අවස්ථාවට ප්‍රිමියර් සමාජ 14කත් නැගී එන ක්‍රීඩා සමාජ 09කත් පුහුණුකරුවන් තිහක් එක්ව සිටියහ.

    ක්‍රිකට් ක්‍රීඩකයන් කණ්ඩායමක් ලෙසත් පෞද්ගලිකවත් ශාරීරික යෝග්‍යතාවයෙන් පිරිපුන් ක්‍රීඩකයන් ලෙස ක්‍රියාශීලීව කටයුතු කළ යුතු ආකාරය පිළිබව වැඩමුළුව මෙහෙය වූ රොබ් චෙව් මහතා දීර්ඝ ලෙස පුහුණුකරුවන් දැනුවත් කළේය.

    සමබර දේශීය ආහාර වේලක් මගින් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් හා පෝෂණය ලබා ක්‍රියාශීලි ක්‍රීඩකයන් බිහිකරගැනීමට ඇති හැකියාව පිළිබව ද මෙහි දී රොබ් චෙච් මහතා පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යයන ඒකකය මෙහෙයවූ මේ වැඩමුළුවට එම ඒකකයේ ප්‍රධානී හෙෂාන් ද මෙල්, චමිල ගමගේ හා චානක දීගොඩගමගේ හා උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානි සයිමන් විලිස් යන මහත්වරු ද සහභාගි වූහ.
    මාධ්‍ය ඒකකය - ශ්‍රී ලංකා ක්‍රිකට්


    No comments