තවත් අනාවැකියක් හරි - වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට
හතරවන වරටත්
වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සමත්වුණා. ඒ
ඕස්ට්‍රේලියාව පරාජයට පත්කරමින්. නවසීලන්තයේ බේ ඕවල් හි පවති තරගයේ කාසියේ වාසිය
දිනා පළමුව පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාව තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි
ඔවුන්ට පන්දුවාර 47 යි පන්දු 02 කදී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 216 ක්
පමණයි. පන්දු යවන්නන් හතරදෙනෙකු අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා. පිලිතුරු ඉනිම ක්‍රීඩා
කල ඉන්දියාව පන්දුවාර 38 යි පන්දු 05 කදී කඩුලු 02 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය
පසුකිරීමට සමත්වුණා. ආරම්භක පිතිකරු මන්ජුට් කල්රා නොදැවී ලකුණු 101 ක් රැස්කරමින්
කණ්ඩායම පහසු ජයග්‍රහණයකට කැදවාගෙන යාම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තා.
තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ ඉන්දීය කණ්ඩායමේ සුබ්මන් ගිල්.
No comments