SLC ළමෙක්ට භාර දීලා
ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායම නින්දා සහගත පරාජයකට බංග්ලාදේශය හමුවේ ඊයේ දිනයේ මුහුණ දුන්නා. මෙම තරගයේ
ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට නායකත්වය දැරුවේ ටෙස්ට් නායක
දිනේෂ් චන්දිමාල්. ඊට හේතුව මැතිව්ස් දකුණු පාදයේ ආබාධයකට ලක්ව සිටීම බව ශ්‍රී
ලංකා ක්‍රිකට් පවසනවා. කෙසේ වෙතත් මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ
තරගය ආරම්භයට පැය භාගයකට පෙරයි. එහෙත් මෙම වෙනස මාධ්‍ය ආයතනයක් වාර් ථා කළේ ඊට
පෙරදින උදෑසනයි. එදින සවස වන විට ශ්‍රී ලංකා නිවේදනය කළේ මැතිව්ස් ආබාධයකට ලක්ව
ඇති බවත් තරගයට ඔහු ක්‍රීඩා කරන්නේද නැද්ද යන්න තරගයට පෙර දැනුම් දෙන බවයි. තරගයට
පෙර දනුම් දුන්නේ එම මාධ්‍ය වාර් ථාව නිවරදි බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට්
මාධ්‍ය අංශය රුපියල් ලක්ෂ දෙකක්ට වඩා වැඩි වැටුපක් මාසිකව ලබන නිලධාරීන් දෙදෙනෙකු
ඇතුලු කණ්ඩායමකින් යුක්තයි. එහෙත් ඔවුන් සිදු නොකරන්නේම ක්‍රිකට් තොරතුරු
ලබාදීමයි. මාධ්‍ය ආයතනයක් වාර් ථා කළ පසු ඒ පිලිබද දැනුවත් වීම තරම් පහත් තත්වයට
ඔවුන් පත්ව තිබෙනවා. එය සිදුකිරීමට මෙවැනි විශාල වැටුපක් ලබන කළමනාකරුවන් අවශයද ?
ඇත්තෙන්ම ඔවුන් මේ වන විට සිදුකරන කාර් යය පාරේ යන ඕනෑම අයෙකුට සිදුකළ හැකියි.
ශ්‍රී ලංකා ක්‍රිකට්
නිවේදනය කළේ ඇන්ජලෝ මැතිව්ස් නැවත නායකත්වයට පත්කර ඇත්තේ 2019 ක්‍රිකට් ලෝක
කුසලානය ඉලක්ක කරමින් බවයි. ඔහු ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණදී සිය යෝග්‍යතාව
තහවුරු කර ඇති බවත් ඔවුන් පැවසුවා. එසේ ප්‍රකාශ කර එක් තරගයකින් පසුව නායකයා
ආබාධිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසනවා. එය නිවේදනය කළේ ඇදුමක් ඇදගෙනදැයි ප්‍රශ්නයක්
පවතිනවා. මැතිව්ස්ගේ ශරීර යෝග්‍යතාව පරීක්ෂා කළ පිරිස අඳ ගොලු බිහිරි හෝ
මන්දබුද්ධික දැයි ප්‍රශ්නයක් පවතිනවා. ඒ ඔවුන් මැතිව්ස්ගේ ශරීර යෝග්‍යතාව හොද බව
ප්‍රකාශකර එක් තරගාවලියක් හෝ ක්‍රීඩා කිරීමට ඔහුට නොහැකිවීම හේතුවෙනුයි. ශ්‍රී
ලංකා ක්‍රිකට් අද ඇද වැටී ඇති සොචනීය තත්වයට ක්‍රිකට් ඇද දැමුවේ වත්මන් පාලනය බව
මෙමගින් තහවුරු වනවා. වැරදී තීරණ හා වැරදි ක්‍රියාවන් රැසක ප්‍රතිඵලයයි ශ්‍රී ලංකා
ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අද අත්විදිමින් සිටින්නේ. දැන්වත් ශ්‍රී ලංකා ක්‍රිකට්
ළමයාගෙන් භාර ගන්න..
No comments