ක්‍රිකට් ලෝක කුසලාන වන්දනා ගමන අවසන්
වසය අවුරුදු 19 න් පහළ
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බදුන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. එහි
අවසන් මහා තරගය පැවැත්වුනේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමටයි ශ්‍රී ලංකාව තීරණය කළේ. මේ අනුව
පිටියට පිවිසි බටහිර ඉන්දීය කෙදෙව්වන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05 ක්
දැවී ලකුණු 254 ක් ලබා ගත්තා. නොදැවී අලික් අත්සේ ලකුණු 110 යි. නිපුන් මාලිංග සහ
ප්‍රවීන් ජයවික්‍රම අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා
කළ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන් හසිත බෝයගොඩ පන්දු 106 කදී සිය ශතකය
වාර්ථා කරමින් බටහිර ඉන්දීය කෙදෙව්වන් දණ ගැස්සුවා. ඔහු ලකුණු 116 ක් ලබා ගනිද්දී
අනෙක් ආරම්භක පිතිකරු දනංජය ලක්ෂාන් ලකුණු 98 ක් ඉනිමට එක්කලා. එහෙත් අනෙක්
ඉදිරිපෙළ හා මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වුණා. කෙසේ වෙතත් ආරම්භක පිතිකරුවන්
දෙදෙනා හේතුවෙන් කඩුලු 07 ක් දැවී ලකුණු 255 ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්ථා
කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මේ අනුව බදුන ශූරතාව හිමිවුයේ ශ්‍රී ලංකාවටයි. දුර්වල තේරීම් නොවන්නට තරගාවලියේ අවසන් තරගය දක්වා ශ්‍රී ලංකාවට යා හැකිව තිබූ බවයි
විචාරක මතය. කණගාටුවට කරුණ වන්නේ තේරීම් පක්ෂපාතී බව ශ්‍රී ලංකා සංචිතය තෝරාගත්
තැන සිට දකින්නට ලැබීමයි. දක්ෂයින් ලංකාවේ තබා හිතවතුන්ගේ සහ හිටපු ක්‍රිකට්
නිලධාරීන්ගේ දරුවන් එක්කළ වන්දනා නඩයක් ලෙසයි මෙම ක්‍රිකට් ලෝක කුසලාන
තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වුයේ. ක්‍රිකට් ආයතනයෙන් සිදුනොවන්නේ නම් ක්‍රීඩා
අමාත්‍යංශය හෝ මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම පිලිබද පරීක්ෂණයක් සිදුකළ
යුතුයි. තරගාවලිය පැවැත්වුනේ නවසීලන්තයේයි.
No comments