• Breaking News

    ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට ?

    වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වුනේ ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා පාකිස්ථාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ වාසිය දිනා ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 09 ක් දැවී ලකුණු 272 ක් ලබා ගත්තා. සුබ්මන් ගිල් නොදැවී ලකුණු 102 ක් ඉනිමට එක්කළා.
    පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානයට පන්දුවාර 29 පන්දු 03 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 69 ක් පමණයි. ලකුණු 203 කින් ලැබූ ජයග්‍රහණයත් සමගින් අවසන් මහා තරගයට ලබන 03 වැනිදා ඕස්ට්‍රේලියාට සමගින් ඉන්දීය කණ්ඩායම නවසීලන්ත බේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී තරග වැදීමට නියමිතයි.

    No comments