හතුරුසිංහ අත්ත බිදී
බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට්
තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. අනුශූරතාව හිමිවූයේ සත්කාරක
බංග්ලාදේශයටයි. තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා නායක
දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ශ්‍රී
ලංකාව සියලුදෙනා දැවී ලකුණු 221 ක් ලබා ගත්තා. ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 56
යි. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් චන්දිමාල් ලකුණු 45 ක් ඉනිමට එක්කළා. ඒ ලකුණු
42 ක් ලබාගත් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සමගින් ඉනිම ගොඩනැගීමකට
එක්වෙමින්.
පිලිතුරු ඉනිම ක්‍රීඩා
කළ බංග්ලාදේශයට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 142 ක් පමණයි. මෙහොමදුල්ලා
ලකුණු 76 ක් රැස්කරමින් ගගට ඉනිකැපුවා. මිෂ්ෆිකර් රහිම් ලකුණු 22 යි. අනෙක් කිසිදු
ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සිමාව පසුකිරීමට හැකිවූයේ නැහැ. සිය මංගල තරගයට එක්වූ
ශෙහාන් මධුෂංක කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්වුණා. එය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය
කරා කැදවාගෙන ගියා.දුෂ්මන්ත චමීර සහ අකිල ධනංජය කඩුලු 02 බැගින් ඩැහැ ගත්තා. ලකුණු
79 ක් පහසුජයක් ලබා ගැනීමට ශක්තියක් වූ උපුල් තරංග තරගයේ වීරයා ලෙස සම්මාන දිනා
ගත්තා. නායකත්වයෙන් දොට්ට දැමූ තිසර පෙරේරා තරගාවලියේ වීරයා බවට පත්වුණා.
බංග්ලාදේශය ජයග්‍රාහී
මාවතට ගෙන ආ පුහුණුකරු චන්දික හතුරුසිංහ බව මෙම තරගාවලියෙන් ඔප්පු වී අවසන්. පළමු
තරග දෙකේදී අසාර්ථක වූ ශ්‍රී ලංකාව අවසානයේ තරගාවලි ශූරතාවද දිනා ගැනීමට මෙහෙය
වූයේ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ බව අමුතුවෙන් කිව යුතු නැහැ. සිම්බාබ්වේ කණ්ඩායමටත්
පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ පරාජයන් රැල්ලකට මුහුණදුන්නා.
යලිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීමට දිගු කාලයක් යනු ඇති බවයි සම හරක්ගේ මතය
වූයේ. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටී ඇති බව පවසමින් සතුටු වූවා. එහෙත් ශ්‍රී
ලංකාව එපා කළ හතුරුසිංහට පය ගසාගෙන පය ගසා සිටීමට උදව්කළ බංග්ලාදේශයටම පළමුව හතුරුවිමට
සිදුවීම දෛවෝපගත බව වාචාරකයින් පවසනවා.
No comments