තිසර ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලැබ්රෝයිට පහරදීලා
බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට්
තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම පැවති තරගය කඩුලු 05 කින් ජය ගැනිමට ශ්‍රී ලංකාව
සමත්වුණා. තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසියේ එක් වෙනස්කමක් සහිතවයි. වනිදු හසරංග
වෙනුවට ලක්ෂාන් සදකැන් කණ්ඩායමට කැදවූයේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීමටයි.
තරගයේ කාසියේ වාසිය දිනා සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. මේ
අනුව පිටියට පිවිසි ඔවුන් සියලුදෙනා දැවී ලකුණු 198 ක් ලබා ගත්තා. පන්දුවෙන්
දස්කම් දැක්වූ තිසර පෙරේරා කඩුලු 04 ක් දවා ගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා
කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු 49 කට දැවී ගියා. ඉදිරිපෙළ
අනෙක් පිතිකරුවන් අපරික්ෂාකාරී වෙමින් තරගයට කඩුලු පූජා කරමින් නරඹන්නන් වුණා. හිටපු
නායක සමග එක්වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ජයග්‍රහණය වෙත කණ්ඩායම
කැදවාගෙන ගියා. තිසර පෙරේරා නොදැවී ලකුණු 39 යි. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 38
ක් රැස්කළා. තුන් ඉරියව්වෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් තිසර තරගයේ වීරයා බවට
පත්වුණා. ජයග්‍රහණය සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම්
ලබා ගත්තා. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලැබූ
ජයග්‍රණයක් ලෙසයි විචාරක මතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායකත්වයෙන් තිසර පෙරේරාව ඉවත්කර පැවැත්වෙන පළමු තරගාවලියේදීම මෙලෙස දක්ෂතා දැක්වීම කැපීපෙනෙනවා.
No comments