මැතිව්ස් එක්ක කුසලුත් ලංකාවට එයි
බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට්
තරගාවලිය අතහැර නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා යලි දිවයිනට පැමිණ තිබෙනවා.
ඇන්ජලෝ දකුණුපාදයේ කලවා ප්‍රදේශයේ වේදනාවකින් පෙලෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
පවසනවා. ඔහුට එලබෙන බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියත් අහිමිවන බවයි ක්‍රිකට් ආයතනය
පවසන්නේ. වෛද්‍ය උපදෙස් මත ඒ පිලිබද අවසන් තීරණය ගනු ඇති.
මේ අතර කුසල් ජනිත්
පෙරේරා ආබාධයකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ හේතුවෙන් වෛද්‍ය
උපදෙස් මත ඔහුට විවේකයක් ලබාදීමට තීරණය වී ඇතැයි නිවේදනය කරනවා. මේ අනුව කුසල්ගේ
තැන ධනංජය ද සිල්වාට ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාව හා සත්කාරක බංග්ලාදේශය අතර මීලග තරගය
ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.
No comments