• Breaking News

    SLC ක්‍රීඩකයින්ගේ සල්ලි පිල්ලි ගහයි

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංවිධානය කළ T 10 ක්‍රිකට් තරගාවලිය සදහා මෙරට දේශීය ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ කණ්ඩායම සහභාගී කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා. ඊට එක්වූ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන තුරු කිසිදු ගෙවීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකර නැහැ. ඔවුන් පවසන්නේ එසේ ක්‍රීඩකයින්ට ගෙවිය යුතු නැති බවයි.

    කෙසේ වෙතත් මෙම තරගාවලියට ශ්‍රී ලංකාව කණ්ඩායමක් සහභාගී කරවීම වෙනුවෙන් සංවිධායකයින් ඇමරිකානු ඩොලර් 25000 ක මුදලක් ලබා දී තිබෙනවා. මේ අනුව එක් ක්‍රීඩකයකුට හිමිවිය යුතු මුදල රුපියල් ලක්ෂ දෙකකට අධිකයි. ක්‍රිකට් තරගාවලියට එක්වන ප්‍රධාන ක්‍රීඩකයින්ට වෙනම ගෙවීමක් කරන බවත් සංවිධායකයින් පැවසුවා. මේ අනුව ලැබුණු මුදල් පිල්ලි ගසා ඇත් දැයි සැකයක් මතුව ඇතැයි ක්‍රීඩකයින් පවසනවා.

    No comments