ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා
ඉන්දියාවට කිසිවකු බලා
පොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු එක්දින
තරගයේදී සමත්වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුව
පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා. මේ අනුව පිටියට පිවිසි ඉන්දියාව සියලු දෙනා
දැවී ලබා ගත්තේ ලකුණු 112 ක් පමණයි. හුදකලා ඉනිමක් ක්‍රීඩා කරමින් මහේන්ද්‍ර සිං
දෝනි ලකුණු 64 ක් ඉනිමට එක්කළා. ඉදිරිපෙළ කඩුලු 04 ක් දවා ගනිමින් සුරංග ලක්මාල්
ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ දොරටු විවර කළා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා
කළ ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් වගකීම් සහගත පිතිකරණයක නිරත වුණා. උපුල් තරංග
ලකුණු 49 යි. ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකාව ඔසවා තබමින් ජයග්‍රහණය
තෙක් නොදැවී කඩුල්ලේ රැදී සිටියා. දික්වැල්ල නොදැවී ලකුණු 26 ක් හා මැතිව්ස්
නොදැවී ලකුණු 25 ක් ඉනිමට එක්කළා. මේ අනුව කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 114 ක්
ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය සටහන් කළා. ඊට වැය කලේ පන්දුවාර 20 කුත් පන්දු 04 ක් පමණයි. ලොව එක්දින ශ්‍රේණිගතකිරීම් අතර
පළමු තැන පසුවන ඉන්දියාව මේ අනුව පරාජය වූයේ එහි 08 වන ස්ථානයේ සිටින කණ්ඩායමට වීම
විශේෂත්වයක්.
ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය නිලවශයෙන් ප්‍රධාන පුහුණුකරු ලෙස හතුරුසිංහ මහතාගේ සේවය ලබා ගැනීමට නියමිතව
ඇත්තේ ලබන 20 වැනිදා සිටයි. එහෙත් නිල සේවයට පෙර නොනිල සේවය ආරම්භකළ විගසම ලැබූ
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව ලබා ගැනීම කැපී පෙනෙනවා. එක්දින නායකත්වය මෙන්ම පර්ණ කණ්ඩායම තේරීමටද ඔහු
නොනිල මට්ටමෙන් එක්වුණා. පුහුණුකරුවන් / තාක්ෂණය / මානසිකත්වය යන සියල්ලට ඔහුගෙන් සේවය ඉටුවූ බව වාර්ථා වනවා. මේ අනුව ජයග්‍රහණයේ නියමුවා ලෙස ඔහුව හැදින්වීමේ වරදක්
නැහැ.
No comments