• Breaking News

    හතුරුසිංහ යලි බංග්ලාදේශයට යයි

    චන්දික හතුරුසිංහ මහතා යලි බංග්ලාදේශයට ගොස් තිබෙනවා. ඩකා නගරයේදී ඔහු බංග්ලාදේශ ක්‍රිකට් ආයතන නිලධාරීන්ව හමුවීමටයි පියවර ගෙන ඇත්තේ. බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගිය කාලයේ කටයුතු කළ ඔහු ඉන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදී මාස දෙකකට වඩා වැඩි කාලයක් ගතව තිබෙනවා. කෙසේ වෙතත් බංග්ලාදේශය එය භාරගැනීම කල් ඇරමින් සිටියා. එහෙත් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ලිඛිතව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. එයට පිලිතුරු දෙමින් ඔවුන් පැවසුවේ හතුරුසිංහ නිදහස් කිරීමට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවයි. 
    ලබන 20 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා වැඩ භාර ගන්නා බව මෙරට ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ ඊට පසුවයි. ඒ අනුවයි හතුරුසිංහ බග්ලාදේශයේ සංචාරය කර ඇත්තේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය යැවීමෙන් පසු පළමු වරයි ඔහු මෙලෙස බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් හමුව ඇත්තේ.

    No comments