NOC සටනේ කලකදි රහ කලකදි වහ වෙලාලු
ජාතික ඔලිම්පික් කමිටුවේ
ඉදිරි නිලවරණයට ඉදිරිපත් වන පොදු අපේක්ෂක රොහාන් ප්‍රනාන්දු මහතාට බොහෝ ජාතික
සංගම් සිය සහය පළකර තිබෙනවා. මේ අතර වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ
විශ්වාස වන්ත ඇතැම් සංගම් නියෝජිකයින්ද ඒ අතර සිටීම විශේෂත්වයක්. වත්මන් ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතාගේ සමීපතමයින් පිල් මාරු කිරීම හා සමාන සිදුවීමක් ලෙස මෙය හැදින්විය
හැකියි. නව සංගම් 07 කට පූර් ණ සමාජිකත්වය හිටි හැටියේ ලබා දීමට තීරණය කරන්නට
ඇත්තේ වත්මන් සභාපති හේමසිරි
ප්‍රනාන්දු මහතාගේ ගොඩ වැඩි කර ගැනීමටයි. එහෙත් එය පාරාවලල්ලක් වීමේ ලක්ෂණ පහළකර
තිබෙනවා.
හොද හොද සෙල්ලම් එලිවෙන
ජාමෙට බව ජනවහරේ එන්නේ නිකම් නොවෙයි. ලබන ජනවාරි 09 වැනිද NOC නිලවරණය පැවැත්වීමට
ආසන්න වන විට තවත් බොහෝ දේ සිදුවිය හැකියි. ඒ සියල්ල ඉදිරියේදී අප අනාවරණය කිරීමට
සූදානම්. මේ අතර මෙතෙක් 2013 වසරේ සිට NOC ගිණුම් විගණනය කර නැහැ.
එහි කටයුතු තවමත් අවසන්ව නැතිවීම නිලවරණයට ගැටළුවක් විය හැකියි. 2013 වසරේ NOC නිලවරණයේදී වත්මන් සභාපති
හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් බර කරට ගෙන එවකට අමාත්‍ය ඩිලාන් පෙරේරා හා
මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ගේ ගිලටීනයට හසුවූ බොහෝ සංගම් සහ පුද්ගලයින්
මෙවර එක්ව ඇත්තේ පොදු අපේක්ෂකයා දිනවීමේ සටනටයි. ඉන් සභාපතිවරයා තැතිගෙන සිටීම
හේතුවෙන් කුණු හර්ප කියමින් එදා බර ඇද්ද පුද්ගලයින්ට බැනවිදිමින් ඇතැයි සංගම්
නියෝජිතයින් පවසනවා.
No comments