• Breaking News

    ඉන්දීය සටනේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

    ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා. මේ අනුව පිටියට පිවිසි ඉන්දීය පළමු ඉනිමට වර් ශාවෙන් භාධා එල්ල වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි ඉන්දීය පළමු ඉනිම ලකුණු 172 කට සීමා වුණේ. මෙම තරගයේදී සුරංග ලක්මාල් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වීම බොහෝ දෙනෙකුගේ අවධානයට දිනා ගත්තා. එමෙන්ම තරගය පුරා පන්දු යවන්නන් හුවමාරු කිරීමේදී නායකයකු ලෙස චන්දිමාල් දැක්වූ දක්ෂතාව කැපී පෙනෙනවා.

    ශ්‍රී ලංකා දෙවන ඉනිම කඩුලු 07 ක් දැවී ලකුණු 75 කට දිනය නිමාවේ සීමා වුණා. දසුන් ශානක සහ රංගන හේරත් ඉනිම කඩා වැටීම බේරා ගත් පිතිකරුවන් දෙදෙනායි. දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ලබන 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

    No comments