• Breaking News

    උසේන් බෝල්ට් පරදී - Video

    2017 ලෝක ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියේ මීටර් සියය පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට්ගෙන් ගිලිහී ගියා. මෙම ඉසව්වේ දී ඔහුට ලෝකඩ පදක්කමකින් සෑහීමට පත්වීමටයි සිදුවුනේ. කෙසේ වෙතත් ඔහුගේ තරග නිමි කාලය තත්පර 9.95 ක් ලෙසයි සටහන් වුණේ. මෙම තරගයේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වුනේ අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින්. ජස්ටින් ගැට්ලින් මෙහිදී වාර්තා කළ තරග නිමි කාලය තත්පර 9.92 ක්. අමෙරිකාවේම ක‍්‍රිස්ටියන් කොලිමාන් රිදී පදක්කම දිනා ගත්තා. ඒ, තත්පර 9.94 ක කාලයක් වාර්තා කරමින්. මෙහිදී බොල්ට් වාර්තා කළ තත්පර 9.95 ය මෙම තරග වාරයේ දී ඔහුගේ ඉහළම දක්ෂතාව ද වනවා. මීටර් 100 සහය දිවීමේ ඉසව්වට ද ඔහු සහභාගී වීමට නියමිතයි.

    No comments