දකුණු ආසියානු කරාතේ තරගාවලියේ ශූරතාව ඉන්දියාවට
4 වන දකුණු ආසියානු කරාතේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත්වුණා. සත්කාරක ශ්‍රී ලංකාවට අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමටයි සිදුවුණේ. තරගාවලියට රටවල් 06 ක් සහභාගී වී සිටියා. ඒ ඉන්දියාව / නේපාලය / බංග්ලාදේශය / භූතානය / පකිස්ථානය හා සත්කාරක ශ්‍රී ලංකාවයි. මෙහිදී වයස් ඛන්ඩ 07 ක් යටතේ විවිධ බර පන්ති යටතේ තරග පැවැත්වුණා. තරගාවලියට මෙරටින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 79 ක් එක්ව සිටියා. ඉන්දියාව රන් පදක්කම් 33 ක් දිනා ගත්තා. ශ්‍රී ලංකාවට දිනා ගත හැකිවූයේ රන් පදක්කම් 20 ක් පමණයි. රන් පදක්කම් 05 ක් දිනා ගත් පකිස්ථානය තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගත්තා. කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේයි තරගාවලිය පැවැත්වුනේ.
No comments