• Breaking News

    චන්දිමාල් සහ රංගන පාස්

    සංචාරක ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයට ශ්‍රී ලංකා ටෙස්ට් නිත්‍ය නායක  නායක දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරනු ඇතැයි වාර්ථා වනවා. ඔහු අද දිනයේදී ශරීර යොග්‍යතා පරීක්ෂණයකට මුහුණ දී තිබෙනවා. එහිදී චන්දිමාල් පිතිකරණයේද යෙදුනු බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ. එහිදී ඔහු සමත්ව තිබෙනවා. චන්දිමාල් නිව්මෝනියාව වැලදීම හේතුවෙනුයි පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා නොකළේ.
    මේ අතර පළමු ටෙස්ට් තරඟයේදී ආබාධයකට ලක්වූ රංගන හේරත්ද මෙම ශරීර යෝග්‍යතා පරීක්ෂණයේදී සමත්ව ඇති බව සදහන්. මේ අනුව ඔහුටද දෙවන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති. දෙවන ටෙස්ට් තරඟය ලබන 03 වැනිදා ආරම්භවීමට නියමිතව ඇත්තේ කොළඹදීයි.

    No comments