• Breaking News

    කෝලිට නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්නැයි බලපෑම්

    විරත් කෝලිට නායකත්වයෙන් හෝ රැකියාවෙන් ඉල්ලා අස්වන ලෙසට ඉන්දියාවෙන් බලපෑම් එල්ල වනවා.ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට එරට රාජ්‍ය හෝ අර් ධ රාජ්‍ය ආයතන වල සේවය නොකරන ලෙස එරට ශ්‍රෙෂ්ටාධිකරණය පත්කල කමිටුවක් ප්‍රකාශ කළා. ඉන්දීය නායක විරාත් කෝලි තෙල් හා ස්වභාවික ගෑස් පිලිබඳ සංස්ථානේ කළමණාකරුවකු ලෙස සේවය කරනවා. මේ හේතුවෙනුයි නායකත්වයෙන් හෝ රැකියාවෙන් ඉල්ලා අස්වෙන්නැයි ඉන්දියාවෙන් බලපෑම් එල්ල වන්නේ. ඔහුට අමතරව ආජින්ක්යා රෙහානෙ / චීටීෂ්වර් පුජාරා සහ ඉෂාන්ට් ශර් මාද මෙම ගැටළුවට මුහුණ දී සිටිනවා. ඔවුන්ද එරට රාජ්‍ය ආයතනවල සේවය කරන බවයි පැවසෙන්නේ. 

    No comments