• Breaking News

    ඉන්දියාව ශ්‍රී ලංකාවට බැට දෙයි

    සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තුන්වන දිනය අදයි. අද (28) තරගය නතර කරන විට සිය දෙවන ඉණිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 189ක් ලබා ගෙන සිටියා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම මේ වනවිට සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 498ක් ඉදිරියෙන්. පළමු ඉණිමේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 600ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව රැස් කර ගත්තේ ලකුණු 291ක් පමණයි.
    සවස් කාලයේ වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරඟය අඩපැයකට වඩා නතර කර තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව අසීරු අඩියකට වැටී සිටින බවයි විචාරක මතය වී ඇත්තේ. මෙම තරඟයේ ශ්‍රී ලංකාව දෙවන ඉනිම ක්‍රීඩා කරන විට වඩා සැලකිලිමත් විය යුතුයි. එහිදී නිකරුනේ කඩුලු පූජා කළහොත් පරාජය නියත වනු ඇති.  තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

    No comments