ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට පිතිකරුවන්ව ඉන්දියාවට බිලිදෙයි
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිළ අතර පැවති දෙදින පුහුණු ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවා. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිළ රැස් කළේ ලකුණු 187 ක් පමණයි. ඊට පිලිතුරු ලෙස පළමු ඉනිම ක්‍රිඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 312 ක් ලබා ගත්තා. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලෝකේෂ් රාහුල් ලකුණු 54 ක් රැස් කළා. නායක විරාත් කෝලි ලකුණු 53 ක් සහ රෝහිත් ශර්මා ලකුණු 38 ක් ලබාසිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා. තරගය පැවැත්වුනේ කොළඹ සී සී සී ක්‍රීඩාංගණයේදීයි. මෙම තරඟයේ විශේෂත්වය වූයේ ඉන්දීය පන්දු යවන්නන්ට පුහුණුව ලබාදීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ව බිලි දීමයි. එසේ වන්නේ ඕනෑම ක්‍රිකට් තරඟයක කාසියේ වාසිය උරගා බැලීම මෙම තරඟයේදී සිදු නොවීම නිසයි. නිල වශයෙන් එය සිදු නොවූවද ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදුන්නා. මේ අනුවයි ශ්‍රී ලංකා පළමු ඉනිම බිද වැටුනේ. මෙමගින් මෙරට තනතීරු පිලිබඳ හොද දැනුමක් සහ බොහෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පිලිබඳවත් නිවරදි තක්සේරුවක් සිදුකර මෙම පුහුණු තරඟයෙන් උපරිම වාසි ලබාගැනීමට ඉන්දියාවට ඉඩ ලබාදුන් බව මෙරට ක්‍රිකට් බලධාරීන් පිලිගත යුතුයි. ලෝක ක්‍රිකට් ඉතිහාසයේත් මෙවැනි තරඟයක් මීට පෙර පැවැත්වී නැතුව ඇති.
No comments