මාලින්දටත් දනංජයටත් ක්‍රිකට් සංචිතයේ දොරටු අරිනවාලු
සංචාරක ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරඟය සදහා මෙතෙක් ශ්‍රී ලංකා සංචිතය නම් කර නැහැ. එහෙත් ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු කියා සිටියේ මෙම තරඟය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් වමත් නවක පන්දු යවන්නකු කැදවීමට තීරණය කර ඇති බවයි. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන වමත් ඕතඩොක්ස් පන්දු යවන මාලින්ද පුෂ්පකුමාරයි. මාලින්ද ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ නම් දැරූ ක්‍රීඩකයෙක්. කොළඹ ලුම්බිණි විදුහලේ ආදි සිසුවකු වන ඔහු නිමාවූ එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරඟාවලියේදී පන්දුවෙන් දක්ෂතා දැක්වූවා. දනංජය ද සිල්වාටත් මෙම ටෙස්ට් තරඟයේදී අවස්ථාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
අප වෙත වාර්ථාවන ශ්‍රී ලංකා සංචිතය මෙසේයි. නායකත්වය රංගන හේරත්ට හිමිවනු ඇති. ධනුෂ්ක / දිමුත් / කුසල් මෙන්ඩිස් / තරංග / මැතිව්ස් / අසේල / දික්වැල්ල / දිල්රුවන් / ප්‍රදීප් / සුරංග / කුමාර / චමීර / පුෂ්පකුමාර / විශ්ව සහ දනංජය ද සිල්වා සෙසු ක්‍රීඩකයින් වනවා. ලබන 26 වැනිදා ගාල්ලේදීයි පළමු ටෙස්ට් තරඟය දෙරට අතර පැවැත්වීමට නියමිතව ඇත්තේ. මෙම සංචිතයට තවමත් ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබා දී නැතැයි වාර්ථා වන්නේ.

No comments