කල්පගේ, රොෂාන් ඇතුළු පරිවර්තන කමිටුවට කැපී ගිය පුහුණුකරුවකුගෙන් නඩුවක්
ක්රිකට් ආයතනයට අලුතින් පුහුණුකරුවන් බඳවා ගැනීමේදී සිදු කර ඇති වැරදි නිසා තමන් ඇතුළු පුහුණුකරුවන් 35 දෙනෙකුට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් හිටපු පළාත් පුහුණුකරුවකු වන හර්ෂ ගම් අධිකාරී විසින් කොළඹ දිස්ත්රික් උසාවියේ නඩුවක් පවරා තිබෙනවා.
ඉරාන් වික්රමරත්න,ඩිනාල් ෆිලිප්ස්, ප්රකාශ් ෂාෆ්ටර්, රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි හා කුමාර් සංගක්කාර ඇතුළු ක්රිකට් පරිවර්තන කමිටුවේ සියලුම සාමාජිකයන් මෙන්ම හයි පර්ෆෝමන්ස් සෙන්ටර්හි ප්රධානී රුවන් කල්පගේ මෙහි චූදිතයන් බවට නම් කර තිබෙනවා.
මෙම නඩුව මේ මස 17 දින විභාගයට ගැනීමට නියමිතයි.
මේ තෝරාගැනීම් හිතුවක්කාරී හා පක්ෂග්රාහීව සිදු කර ඇති බව මීට පෙර lankasportsnews මගින්ද පෙන්වා දෙනු ලැබුවා.
ඇතැම් අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා නොමැති බවත් පත් වීම් ලබා දීමේදී සමහර අයදුම්කරුවන්ට ලබා දී ඇත්තේ ඔවුන් අයදුම් කළ තනතුරු වලට අදාල නැති පත්වීම් බවත් ඇතැම් පත්වීම් එක්තරා ආගමික නිකායක් වැළඳ ගත් අයට වැඩි සැළකිල්ලක් දක්වමින් සිදු කර ඇති බවත් වාර්තා වෙනවා.

No comments