• Breaking News

    හිටපු ක්‍රිකට් ලොක්කන් එකිනෙකා නීති විරෝධී වත්කම් සොයන ඒකකයට පෝලිමේ කැඳවයි.


    පොලිස් නීති විරෝධී වත්කම් විමර්ෂණ ඒකකය විසින් ෂම්මි සිල්වා ප්‍රමුඛ හිටපු ක්‍රිකට් පරිපාලකයන් ගැන කරුණු විමර්ෂණය කිරීම ආරම්භ කර තිබෙනවා.


    මේ අනුව මේ දක්වා ෂම්මි සිල්වා,ක්‍රිෂාන්ත කපුවත්ත, නලින් අපෝන්සු, මොහාන් ද සිල්වා, ඈෂ්ලි ද සිල්වා යන අය එහි ගෙන්වා ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇති බව එම විමර්ෂණ ඒකකයේ නිලධාරියෙක් අප සමග පැවසුවා.


    මෙම විමර්ෂණ සිදු කෙරෙන්නේ නීතිපති වරයා විසින් නීති විරෝධී වත්කම් විමර්ෂණ ඒකකයට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව බව ඔහු වැඩිදුරටත් පැවසුවා.


    මෙම විමර්ෂණය 2023 වසරේ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ක්‍රිකට් ආයතනයේ සිදු කළ වෝහාරික විගණනයේ වාර්තාවෙන් පැන නැගුනු කරුණු 37 ක් අනුව සිදු කෙරෙන බව වාර්තා වෙනවා.


    මේ අනුව ඔවුන් අයථා ලෙස වත්කම් උපයා තිබේද යන්නත් විමර්ෂණයට භාජනය කෙරෙන බවත් වාර්තා වෙනවා. මෙය මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනයේ ක්‍රිකට් දූෂණ හෙළිදරව් කරන බව දැක්වෙන වගන්තිය ක්‍රියාත්මක කිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.


    සබැඳි පෙර ලිපිය

    ෂම්මි හා කපුවත්ත නීති විරෝධී වත්කම් විමර්ෂණ ඒකකය හමුවට ඒම මග හරී


    ක්‍රිකට් හොරුන් පිළිබඳ අල්ලස් කොමිසමේ විමර්ෂණ ඇරඹෙයි




    No comments