Wednesday, August 12, 2026

ක්‍රිකට් සම්මානයේ වරප්‍රසාද ලත් ක්‍රිකට් සේවකයෝ


නොබෝදා පැවති ක්‍රිකට් සම්මාන උළෙලේ ආරාධනා පත්‍ර යැවීමේ අවුල ගැන දැන් බොහෝ දෙනා කතා කරන්න පටන් අරන්.


 අපට කතා කළ ක්‍රිකට් ආයතනයේම සමහර සේවකයන් කීවේ ක්‍රිකට් ආයතනය තුළත් ඒ සඳහා ආරාධනා කර ඇත්තේ තෝරා ගත් පිරිසකට බවයි.


මේ සඳහා ඔවුන්ට මීට පෙර ආරාධනා කර තිබුණද මෙවර ප්‍රධාන විධායක හා මානව සම්පත් අ‍ංශය ඒ සඳහා ඔවුන් තෝරා ගත් පිරිසකට පමණක් ආරාධනා කර ඇති බව ඔවුන් පවසනවා.


මෙහි දැක්වෙන්නේ ආරාධනා කළ යුතු හිටපු ටෙස්ට් ක්‍රීඩකයන් පාලිත පෙරේරා, ඈපාසිංහ වැනි ප්‍රවීණ මාධ්‍යවේදීන් ඇතුළු සුදුස්සන් සිටියදී මෙවර සම්මාන රාත්‍රියේදී ආරාධනා ලැබ කා බී නටා ප්‍රීති වූ ක්‍රිකට් ආයතනයේ වරප්‍රසාද ලත් සේවක පිරිසයි.

( පින්තූර අනුග්‍රහය. නාදන් ෂන්මුගනාදන් )


සබැඳි පෙර ලිපිය...

ආරාධනා අනාගත් 2025 ක්‍රිකට් සම්මාන උළෙල



No comments:

Post a Comment