මෙතෙක් ෂම්මි සහ පුද්ගලික සමාගම යනුවෙන් හංවඩු ගසා තිබුණු ක්‍රිකට් පාලක මණ්ඩලය පුද්ගලිකත්වයෙන් ගලවා යළි ජනගත කිරීමේ අටියෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ෂම්මි ඇතුළු පිරිසට ඉල්ලා අස්වීමට කියූ බවත් ඒ අනුව අද හෙට ඔවුන් ඉල්ලා අස්වීමට නියමිත බවත් දැන් ලංකාවේ ප්‍රධාන පුවතක් බවට පත්ව තිබෙනවා.
ඒත් ෂම්මි ඇතුළු පිරිසගේ හොරකම් දූෂණ lankasportsnews හෙළිදරව් කරන්නේ වසර ගණනාවක සිටයි.
මාධ්‍ය රැසකට නඩු දමා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට නඩු දමා ඔවුන් නිහඬ කළත් දිගින් දිගටම සයිබර් ප්‍රහාර එල්ල කරද්දීත් ඒවාට නොබියව මුහුණ දෙමින් lankasportsnews එම කටයුත්ත සිදු කළේ ලංකාවේ ක්‍රිකට් වලට ඇති ආදරය නිසාය.
එපමණක් නොව ෂම්මිලාට ගෙදර යන්නම වන බවත් රතිඤ්ඤා සූදානම් කර ගන්නා ලෙසත් මුලින්ම හෙළිදරව් කළේත් lankasportsnews බව අපි කියන්නේ ඉමහත් සතුටින්.
ෂම්මි,සුජීව,රවින්,ජයන්ත, නලින් ඇතුළු හොර නඩය ගෙදර ගියත් යන්නේ හිතකින් නොවන නිසා නැවතව් මේ ධන නිධානය කොල්ල කෑමට එන්නේ කොහොමදැයි දැන් සිටම සැළසුම් කරමින් සිටින බව අප දන්නවා.
ඒ නිසා දැනට වැටුප් ලබමින් එහි ලගින ඈෂ්ලි, ට්‍රැවිස්, මාපටුන,චින්තක වැනි හොරුන්ගෙන්ද පරිස්සම් විය යුතුයි.
ව්මොවුන්ගේ සෙල්ලම්ද අප ඉදිරියේ හෙළිදරව් කරන්න සූදානම්.
කෙසේ වෙතත් මාලිමා රජයට මේ වන විට එල්ල වන විවිධ චෝදනා හා මුහුණදීමට සිදුව ඇති ස්වාභාවික විපත් ඇතුළු වෙනත් ගැටළු හමුවේ ක්‍රිකට් වෙනුවෙන් ගන්නා මේ තීරණයට ක්‍රීඩා ලෝලීන්ගේ ගෞරවය හා ආචාරය ජනාධිපතිවරයාට හිමි විය යුතුයි.
ඒත් ඊළඟ කැබිනට් සංශෝධනයේදී පතෝල ක්‍රීඩා ඇමතිවරයාවත් ඉවත් කරන ලෙස අප ඉල්ලා සිටිනවා.
මේ ක්‍රියාවලිය මේ දක්වා සිරසද සහාය කර ගනිමින් සිදු කෙරුණත් ෂම්මි ඇතුළු නඩය ගෙදර යවා යළි නිලවරණයක් පවත්වන තුරු ඊළඟට එතැනට තාවකාලිකව පත් කරන මුහුණු හරි තේරීමක් නොවේ නම් වෙන්නේ ඉඟුරු දී මිරිස් ගත්තාක් වැනි වැඩක්. එවැන්නක් සිදු වුවහොත් ඔවුන්ගේ කෙරුවාවල් ගැනද lankasportsnews අවධානයෙන් ඉන්නා බව මතක් කළ යුතුයි.
සබැඳි පෙර ලිපි
ප්‍රබලයන් තිදෙනෙකුට ඉල්ලා අස්වෙන්න නියෝගයක්
ක්‍රිකට් ප්‍රශ්නය මත අනුරට අන්තෝ ජටා බහි ජටා තත්ත්වයක්

No comments:
Post a Comment