Friday, April 17, 2026

ප්‍රබලයන් තිදෙනෙකුට ඉල්ලා අස්වෙන්න නියෝගයක්


අලුත්ම ආරංචියක් පැලවත්තෙන් ලැබෙනවා. පැලවත්ත කියන්නෙ පාර්ලිමේන්තුවටත් වඩා බලවත් තැනක්.ඒ හින්ද තමයි ජනාධිපති මන්දිරයටත් වඩා STF ගාඩ් එකක් එතැනට දීල තියෙන්නේ.


ප්‍රබලයන් තුන්දෙනෙකුට ඉල්ලල අස්වෙන්න ඕඩරයක් පැලවත්තෙන් ලැබිල තියෙනවා. 


පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයෙන් බේර ගත්තත් බලශක්ති ඇමති පුන්‍ය කුමාර ජයකොඩිට මේ අනුව අද හෙටම ඇමතිකමෙන්  ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙනවා. ඒ එක්කම ඔහුගෙ අමාත්‍යංශයෙ ලේකම් වරයටත් ඉල්ලා අස් වෙන්න වෙනවා.


 කෝටි ගණනක ගල් අඟුරු වංචාව නිසා මාලිමා ආණ්ඩුවට මුහුණ දෙන්න වෙන අපකීර්තියෙන් බේරෙන්න මේ දේ වෙන බව වාර්තා වෙනවා.


 ඉල්ලා අස්වීමට පැලවත්තෙන් ඕඩරේ ලැබුණු අනික් කෙනා වන්නෙ  ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වායි.

ක්‍රිකට් හොරකම් හා කඩා වැටීම ගැන ආණ්ඩුවට එල්ල වෙන පීඩනය මඬින්න පැලවත්ත මේ තීරණයට එළ‍ඹ තිබෙනවා.


මාලිමාවේ ප්‍රබලයන් කිහිප දෙනකුට මුදල් ආධාර ලබා දී තිබෙන නිසාත් අයිසීසී සභාපති ජේ.ෂා සමග ඇති ගජ මිතුරු කම නිසාත් ෂම්මි ඉල්ලා අස්වීම ප්‍රතික්ෂෙප කර ඇතත් ඉල්ලා අස් නොවන්නේ නම් අස් කිරීමට නියමිත බවත් lankasportsnews වෙත වාර්තා වෙනවා.


පෙර සබැඳි ලිපි

ක්‍රිකට් ප්‍රේමීන් රතිඤ්ඤා සූදානම් කර ගන්න



No comments:

Post a Comment