ලෝක කුසලානයේ පාවාදුන් තැන් මෙන්න - පරීෂණ කරන්න ඇමතිට අභියෝග
අපේ රටේ ක්‍රීඩා ඇමති කියන්නේ ඔහේ වැනි වැනී ඉන්න රූකඩයක් නෙවෙයි. ඒත් මාලිමා රජය යටතේ අනුර කුමාර ජනාධිපතිවරයා විසින් පත් කරල තියෙන්නෙ රූකඩයෙක් විතරක් නෙවෙයි පතෝලයෙක්.
අපි lankasportsnews මේ ක්‍රීඩා ඇමතිවරයාට අභියෝග කරනවා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතර තුර සිදුවූ පහත සඳහන් සිද්ධීන් සම්බන්ධව කොන්දක් තිබේ නම් පරීක්ෂණයක් පවත්වන්න කියලා.
1.තරගාවලිය අතර තුර මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීගයේ විශාල මුදලකට ක්‍රීඩා කිරීමට නියමිත
$ වනිදු හසරංග
$ මතීෂ පතිරණ
$ එෂාන් මාලිංග
යන ක්‍රීඩකයන් තිදෙනා ආබාධ වලට ගොදුරු වූ ආකාරය හා ඔවුන්ගේ ආබාධ ගැන නිර්දේශ ලබා ගත් ආකාරය.
( වනිදුගේ ආබාධය වඩාත් දරුණු වූයේ අයර්ලන්ත තරගයේ පන්දු ඕවරයක කලව මස් පිඩු ආබාධයක් ඇති වන විට ක්‍රීඩාගාරයට නොගොස් නොන්ඩි ගසමින් ඉතිරි පන්දු ඕවර කීපයත් යැවීම නිසාද? එසේ නම් ඔහු එවැනි දෙයක් කළේ ඔහුගේ උවමනාවටමද ? එසේත් නොමැති නම් පුහුණු කරුගේ බල කිරීමටද?)
2.සුපිරි අට වටයේ එංගලන්තය සමග තරගයේ දුෂාන් හේමන්ත 12 වැනි පන්දු ඕවරයේ හිට් විකට් වීමෙන් දැවී ගිය ආකාරය. ඒ දිනවල ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂාවට ලක් කළ යුතුය. (ඒ ඔහු එලෙස දැවීයන විට බෙටින් සයිට් වල ඊළඟ කඩුල්ල අමුතු ආකාරයකට දැවී ගියහොත් යනුවෙන් ඔට්ටු දමන්නන්ට 201 ගුණයක් ගෙවන බව දන්වා සිටීම.)
අයිසීසී ඇන්ට් කරප්ෂන් ලොක්කා හැටියට කටයුතු කරන්නේත් ලංකාවෙ අයෙක්. ඒ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධනයි.
ඔහු ක්‍රිකට් ආයතනයෙන් මුදල් ලබා ගන්නෙක්. ඒ තම බිරිඳ සමග පවත්වාගෙන යන සමාගමෙන් දඹුල්ල ක්‍රීඩාංගණයට ආරක්ෂාව සපයන ගිවිසුම අනුවයි. හරිනම් ඔහු මේ ගැන වහාම සොයා බැලිය යුතුයි.
ක්‍රීඩාවේ වංචා දූෂණ හොයන විශේෂ පොලිස් ඒකකයක් වේලි වේලී සුගතදාස ක්‍රීඩාංගණයේ පවත්වා ගෙන යනවා.ඒ අයටත් මේ කිසි දෙයක් සොයන්න අවශ්‍ය නැහැ. වැටත් නියරත් ගොයම් කා ඇත්නම් මේ ගැන කියන්න ඕන ජනාධිපති අනුර කුමාරටම විතරයි. ඒ ඔහු දැන් ක්‍රිකට් වලට කෙළින්ම අත පොවා ඇති නිසයි. පතෝල කුමාර ගමගේ ක්‍රීඩා ඇමතිවරයා අපේ මේ අභියෝගය පිළිගනු ඇතැයි විශ්වාස කරනවා.
පෙර සබැඳි ලිපි
ජනපති නියෝගයෙන් පතෝල ඇමති නින්දෙන් ඇහැරලා
මග හිටියොත් තෝ නසී..! ගෙදර ගියොත් අඹු නසී..!




No comments