ජේ ෂාට ලෝක කුසලාන තරග නරඹන්න ඛෙත්තාරාමයේ කෝටි ගණනක් වියදම් කර කුටියක් හදලා
මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් පැවැත්වෙන ඛෙත්තාරාම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයේ සභාපති හා ක්‍රීඩා ඇමති කුටි දෙක එකට එක් කර නවීකරණය වෙනුවෙන් කෝටි ගණනක් වියදම් කර තිබෙනවා.
වායුසමනය කරන ලද මෙම කුටි සඳහා එල්ලෙන විදුලි පහන් නවීන පුටු හා අධික මිළ ඇති කාපට් අලුතින් සවි කර මෙසේ නවීකරණය කර ඇත්තේ මෙහි තරග නැරඹීම සඳහා පැමිණෙන අයිසීසී සභාපති ජේ ෂා වෙනුවෙන් බව වාර්තා වෙනවා.
වත්මන් ක්‍රීඩා ඇමතිවරයා පත් වු පසු මේ දක්වා ක්‍රීඩා ඇමති සහ පිරිවර වෙනුවෙන් වෙන් කරන කුටියට මෙතෙක් ඔහු පැමිණ නැති අතර මීට පෙර සිටි ක්‍රීඩා ඇමතිවරු හා ඔවුන්ගේ සහචරයෝ මෙම කුටිය තරග නැරඹීම සඳහා භාවිතා කළේ මත්පැන් හා ආහාරද සිත් සේ භුක්ති විඳිමිනි.

No comments