සනත්ගේ කුඹුරේ හාන්න අද දඟ පන්දු බල ඇණියක්
අපේ රටේ ක්‍රිකට් කියන්නෙ දැන් සමාජ මාධ්‍ය තුළ එකම විහිළුවක් බවට පත්ව තිබෙන ක්‍රීඩාවක්. මේ රටේ කාලයක් ආදරයෙන් වැළඳ ගත්ත ක්‍රිකට් දිහා මිනිස්සු අද බලන්නෙ උපහාසයෙන්. මේ තත්වය උදා කරන්න හේතු වුණේ ෂම්මි සිල්වා සහ සමාගම හා සනත් ජයසූරියයි.
සනත් ජයසූරියව දැන් සමාජ මාධ්‍යයේ හඳුන්වන්නෙ සනත් කුඹුරුසූරිය කියලයි.
ඛෙත්තාරාම ක්‍රීඩාංගණයෙ තණතීරුව සනත් කුඹුරක් බවට පත් කරල තිබෙන බව හැමෝම කියන්න පටන් අරන්.
මෙහි එන කණ්ඩායම් විශේෂයෙන් සුද්දන්ට බැට් කරන්න බැරි අන්දමට තණතීරුව කුඹුරක් කර ජය ගැනීම තම එකම ජයග්‍රාහී තුරුම්පුව කර ගැනීම තම පුහුණුකාරිත්වය කර ගත් සනත්ට දෙවෙනි එක් දින තරගයේ ජෝ රූට් කණේ පාරක් දුන්නා.
සනත් හදා ගත් කුඹුරේ හාන හැටි රූට් කියල දුන්නේ අපේ පිතිකරුවන්ටත් පාඩමක් උගන්නමින්.
තුන්වැනි හා තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා.
සනත් තම සුපුරුදු කුඹුරේ කොහොම හරි දිනන්න විස්සයි විස්ස තරග වලට ක්‍රීඩා කරන්න විවේක ගන්වල තිබුණු වනිඳු හසරංගයි මහේෂ් තීක්ෂණයි කණ්ඩායමට ගෙනල්ලා.
අද සමහර විට පන්දු ඕවර් 50 න් 45 ක් වත් යවන්නෙ දඟ පන්දු යවන්නො බව සිකුරුයි.
ඩොලර් 22,000 ක් ගෙවල ගෙනාපු මහා වේග පන්දු පුහුණුකරු ලසිත් මාලිංග කරන්නෙ දඟ පන්දු යවන්නො පුහුණුකරන එකද කියල lankasportsnews වලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
මේ තරගෙන් පස්සෙ ඕස්ට්‍රේලියාවෙ වීසා එක අලුත් කරගන්න මාලිංග ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිතයි. අපරාදේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තරග අතරතුර හතරේ සීමාව දිගේ ජෝක්ස් දකින්න මින් පස්සෙ ලැබෙන එකක් නැහැ.

No comments