• Breaking News

    ධම්මිකගේ ටොම් පචයක් හෙළිදරව් වෙයි


    ලංකාව දැන් පචයන්ගේ පාරාදීසයක් වෙලා අවසන්. රටේ ඉහළම පුටුවේ ඉඳන් මුළු පාර්ලිමේන්තුවේත් ඉන්නෙ ඔක්කොම ටොම් පචයො කියල රටේ පොඩි ළමයෙක් පවා දන්නවා. ක්‍රිකට් වලත් මුල් පුටුවෙ ෂම්මි ඉඳන් පච කෙළින සෙට් එකක්ම ඉන්නවා.


    ක්‍රිකට් ක්‍රීඩකයො අතරත් පච බාහුලා එමටයි.


    ඒ අතර ඉදිරියෙන්ම ඉන්නෙ අනුෂ සමරනායකයි. සනත් ජයසුරිය, ඈෂ්ලි ද සිල්වා , ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඊළඟ පච බාහුලායි.


    මේ අතරට එක් වුණු අලුත්ම ටොම් පචයා වන්නේ ධම්මික ප්‍රසාද්.


    ඔහු ඊයෙ පෙරේදා මාධ්‍ය කරුවන්ට පචයක් කියල පබ්ලිසිටි පාරක් දාගන්න ගිහින් නෝන්ඩි වෙලා තිබුණා. 


    ඒ තමයි මීළඟ ලෝක කුසලානයේ තමන් ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු හා සහාය පුහුණුකරු ලෙස තෝරාගෙන ඇති බව කීමයි.


    අනුෂ සමරනායක වගෙම කටින් කෝච් කෙනකු වන ධම්මික මේ දක්වා කිසිම ප්‍රායෝගික පුහුණු දස්කමක් දක්වපු කෙනෙක් නෙවෙයි.


    ඔහු මුලින්ම නාවුක හමුදා පිල පුහුණු කරන්නට ගිහින් වුණේ නාවුක හමුදා පිල ප්‍රමුඛ පෙළ මුල් කොටසේ සිට දෙවෙනි කොටසට ඇද වැටීමයි.


    නාකි වට්මෝර් සමග එක්ව රටපුරා ඇකඩමි හදන්න ගිය ධම්මික ඊළඟට ගියේ වට්මෝර් එක්කම චිලව් මේරියන්ස් පිල පුහුණු කරන්නයි.


    චිලව් මේරියන්ස් පිල දිගින් දිගටම පරාජය ලබා දෙවෙනි කොටසට නොවැටී බේරුණේ අනූ නවයෙන්..

    අන්තිම තරග දෙක තුනේ ඔහුව පුහුණු කාර කමින් එළවන්නට චිලව් මේරියන්ස් කළමනාකාරිත්වය තීරණය කළා.


    ඇත්තටම ධම්මිකට ඇමරිකන් පිලේ දී ඇත්තේ ඔවුන් ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම සඳහා ලංකාවේ පුහුණු වන්නට එන කාල සීමාවේ වේග පන්දු පුහුණු සහායකයකු ලෙස කටයුතු කරන ජොබ් එකක් මිස ලෝක කුසලාන තරගාවලියේ ජොබ් එකක් නෙවෙයි. ඒ බව ඇමරිකන් ක්‍රිකට් බලධාරීන් පසුව කියා තිබුණේ ධම්මික මෙරට මාධ්‍යවෙත වපුරා තිබුණු බොරුව නිසයි.




    No comments