• Breaking News

    අහුවෙන බොරු කියන ක්‍රීඩා ඇමතිවරයෙක්


    ඇත්ත වගේ බොරු කියන්න දක්ෂ මාලිමාවේ ඇමතිවරුන් අතර ක්‍රීඩා ඇමති සුනිල් කුමාර පතෝල ගමගේට හිමි වන්නේ ප්‍රබල ස්ථානයක්. තම නියෝජ්‍ය ඇමතිවරයාටවත් තැනක් දෙන්න අකැමැති මේ බොරු කාරයා ඊයෙ පෙරේදා යාපනයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයක් ඉදි කරන්න ගිහින් තවත් අමු බොරුවක්  කිව්වා.


    ඒ තමයි යාපනයට අද වන තුරු ගෘහස්ථ ක්‍රීඩාංගණයක් නැති බවත් ක්‍රීඩා අමාත්‍යංශය මගින් එහි ප්‍රථම ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදි කිරීමට මුල් ගල් තැබූ බව කීමයි.


    මේ කතාවට යාපනයේ ජනතාව පස්ස පැත්තෙන් හිනා වෙන්න පටන් අරන් කියල යාපනයේ ක්‍රීඩකයෙක් lankasportsnews අමතා ප්‍රකාශ කළා.


    ඔහු කීවේ මීට වසර ගණනකට පෙර කලක් එල්පීඑල් තරගාවලියේ ජැෆ්න ස්ටැලියොන්ස් යාපනය කණ්ඩායමේ හිමි කරු වන ආනන්දන් ආනල්ඩ් විසින් කෝටි ගණනක් වියදම් කොට යාපනය නගරයේ විශාල ගෘහස්ථ ක්‍රීඩාගාරයක් ඉදි කොට මේ වන විට එහි ඇකඩමියක් පවා පවත්වාගෙන යන බවයි.



    මෙම ස්ටැලියොන්ස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ අවශ්‍ය නම් බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමටද හැකියාවක් පවතින අන්දමට එහි වහළ  ඉතා ඉහළින් සකස් කොට තිබෙන බවත් ඔහු කිව්වා.


    වසර කිහිපයක සිට චමින්ද  වාස් වැනි ප්‍රවීණ පුහුණුකරුවන් මෙම ඇකඩමියේ පුහුණු කටයුතු කරන බව ක්‍රීඩා ඇමතිවරයා නොදැන සිටීම ගැන යාපනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හාස්‍යයට හේතු වී තිබෙනවා.


    ඒත් මෙතෙක් පැවති රජයන් යාපනයට මෙවැන්නක් හෝ කරන්නට ඉදිරිපත් නොවීම තුළ මේ ක්‍රියාව අගය කළ යුතුයි.


    මේ වන විට යාපනයෙන් දක්ෂ මලල ක්‍රීඩකයන් කිහිප දෙනෙකු බිහි වෙමින් තිබෙන පසුබිමක ඔලිම්පික් ධාවන ශූරයකු වන තම නියෝජ්‍ය ඇමතිවරයාවත් එහි එක්ක ගොස් මලල ක්‍රීඩාව වෙනුවෙන් යමක් කරන්න පතෝල ඇමතිවරයාට නුවණක් පහල වනු ඇතැයි lankasportsnews බලාපොරොත්තු වෙනවා.


    ඒ අතර යමක් කියන විට අහුවෙන බොරු කීමෙන් වළකින ලෙසත් අපි වගකීමෙන් ඔහුට මතක් කර දෙනවා.


    වැල් බයිලා නොකියා වළපල්ලට යමින් තිබෙන ක්‍රිකට් , බැඩ්මින්ටන් හා පාපන්දු ක්‍රීඩාවල  දූෂිත පරිපාලකයන් එළවා දමා එම ක්‍රීඩා සුද්ධ කර දෙන මෙන් අපි ඔහුට අවධාරණය කර සිටිනවා. එසේ නොවන්නේ නම් පතෝල ගමගේ  මෙරට සිටි අතිශයින්ම දුර්වල ක්‍රීඩා ඇමතිවරයා බවට ඉතිහාස ගත වීම වැලැක්විය නොහැකියි.



    No comments