ලංකාවේ කාන්තා පිලේ විස්කි වෙළඳාම් කරන නිලධාරිනියක්
ලංකාවේ කාන්තා ක්රිකට් කණ්ඩායමේ මොන විදියෙන් හරි රිංගන් ඉන්න නිලධාරිනියක් ලෝක කුසලාන තරග අතරතුර විස්කි හා අරක්කු බිස්නස් එකක් කරමින් සිටි බව lankasportsnews වෙත වාර්තාවෙනවා.
මෙම නිලධාරිනිය කණ්ඩායමත් සමගම රැඳී සිටින නිසා තරග සඳහා කිහිප විටක්ම ඉන්දියාවට යාමට සිදුවීමෙන් ඇයට මේ බිස්නස් එක පහසු වී තිබෙනවා.
කණ්ඩායමේ ක්රීඩිකාවක් අප සමග පැවසුවේ මෙම නිලධාරිනිය ඩියුටි ෆ්රී සාප්පුවේදී අනිවාර්යයෙන් තමන්ට විස්කි බෝතලයක් ගන්නා ලෙස බල කරන බවත් ගුවන් තොටුපළින් බැහැර වෙද්දී ඒවා එකතු කර ගන්නා බවත් ය.
ඉන්පසු ඇය එම බෝතල් නිවසේ තබාගෙන ඇණවුම් ලැබෙන පරිදි වැඩි මිළට විකුණන බවත් ඇය වැඩිදුරටත් පැවසුවා. වසර ගණනාවක් මුළුල්ලේ කාන්තා ක්රිකට් වලින් එලවා ගත නොහැකිව සිටින මෙම නිලධාරිනිය බොහෝ ක්රීඩිකාවන්ට වදයක් වී ඇති බවත් ඇය පවසා සිටියා.

No comments