• Breaking News

    ක්‍රිකට් හොරුන් ගැන අල්ලස් කොමසාරිස් නිහඬ ඇයි?


    අල්ලස් කොමිසමේ ලොක්කා මේ දවස් වල මාධ්‍ය සංදර්ශන වල නිරත වීම සුලබ දර්ශනයක් බවට පත්වෙලා තියෙනවා. මේ ටිකේ අල්ලස් කොමිසමෙන් පැවරෙන ඇතැම් සිල්ලර නඩු දිහා බලන කොට ලංකාවේ දූෂිතම ආයතන අතර මුල් තැනක් ගන්නා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සම්බන්ධයෙන් ලැසිල් ද සිල්වා හිටපු පාර්ලිමේන්තු අධ්‍යක්ෂ වරයා කරන ලද පැමිණිල්ල මේ දක්වා යට ගැසී තිබීම බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා.


    ලැසිල් ද සිල්වා මහතා විසින් ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, උප සභාපති රවින් වික්‍රමරත්න, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද විධායක කමිටුවේ නලින් අපෝන්සු, ජානක පතිරණ යන අය මෑත කාලයේ කෝටිපතියන්  වූ අයුරු සොයා බලන මෙන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබෙන බව lankasportsnews වෙත වාර්තා වෙනවා.


    මෙහිදී ඔහු විසින් ඉහත නිලධාරීන්ගේ වත්කම් ඔවුන් සතු දේපල ඉඩ කඩම් පිළිබඳ තොරතුරු රැසක් තම පැමිණිල්ල මගින් අනාවරණය කර තිබෙනවා.


    මෙසේ ඔවුන් අයථා ලෙස උපයා ඇති ආකාරය අනුව නඩු පවරනු ලැබුවොත් ඔවුන්ට වසර ගණනාවක සිර දඬුවම් ලැබෙනු ඇතැයි විශ්වාස කරනු ලබනවා.


    මොවුන් විසින් උපයා ඇති වත්කම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේදි lankasportsnews  මගින් හෙළිදරව් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.


    මීට අමතරව වසර කිහිපයක් තුළ කොමිස් ගැසීමෙන් අයුතුලෙස මුදල් උපයා කෝටිපතියන් බවට පත්ව සිටින එම ආයතනයේ සේවකයන් වන ඈෂ්ලි ද සිල්වා,   ට්‍රැවිස් ප්‍රනාන්දු, අරුණ ද සිල්වා, චින්තක එදිරිමාන්න, නීති උපදේශක රැකව , යන අය   පිළිබඳවද ඉදිරියේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.



    No comments