• Breaking News

    මෙන්න බොලේ උපුලුත් ඩුබායි ෂොපිං ගිහින්


    ලංකාවෙ ක්‍රිකට් තේරීම් කමිටුවෙ සභාපති උපුල් තරංගයි. ආසියානු කුසලාන තරගාවලිය පුරා ඔහු ඩුබායිහි කණ්ඩායමත් එක්ක රැඳී හිටිය බව බොහෝ දෙනා දැන ගත්තෙ ටීම් එකත් එක්ක ආපහු එනකොටයි.


    ඩුබායි වල හිටපු කාලෙ කරපු ෂොපිං බඩු බෑග් ටිකත් අරන් ඔහු එන හැටි මෙහි දැක්වෙනවා.


    ආසියානු කුසලාන තරගාවලියෙ ලංකා පිලේ තේරීම් කරපු හැටියට තේරීම් සර්වබලධාරියා හැටියට කටයුතු කරන්නෙත් පුහුණුකරු සනත් ජයසූරියමයි කියල බොහෝ දෙනා කියල තිබුණා.


    ඒත් මේ පින්තූරෙ හැටියට උපුල් තරංගත් එහෙ ගිහින් ඉඳල තියෙනවා.


    අපිට අහන්න තියෙන්නෙ ඩුබායි වල ෂොපිං කරගන්න තිබුණු කාලෙ අපරාදෙ උපුල් කොහෙවත් තියෙන මැච් කීපයක් බලන්න නාස්ති කළේ ඇයි කියලයි.


    තාත්තගෙ අවමංගල්‍ය කටයුතු වලට ඉන්න නොදී ආපහු ගෙන්නුවෙ උපුල්ද නැත්තන් සනත්ද කියල මේ අනුව ප්‍රශ්නයක් පැන නැගෙනවා. ඔය වැඩේ පොඩි ළමයෙකුට  දුන්න නම් හොඳ නැද්ද උපුල් සනත් කියන කියන දේට හරි අයියා කිය කියා ඉන්නෙ නැතිව.?


    No comments