• Breaking News

    ක්‍රිකට් වලට රිංගා තමන්ගේ කොම්පැනි ගොඩ දා ගන්නා උප සභාපතිවරයෙක්


    ඕනෑම ආයතනයක කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් හෙවත් ළබැඳියාවේ පිළිගැටුම යනුවෙන් දෙයක් තියෙනවා. ඒ කියන්නෙ අදාල ආයතනයේ අයෙකුට එම ආයතනයෙන්ම වෙනත් ආකාරයේ මුදල් ඉපයීමක් කළ නොහැකියි.


    ඒත් ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස තමන්ගේ නවලෝක කොම්පැනියට ක්‍රිකට් ආයතනයෙන් කෝටි ගණන්  අය කර ගැනීම සිදු කරන්නේ ඇඳිවතත් නැතිවයි.


    නවලෝක කොම්පැනියේම ශාඛාවක් වන කැෆේ 77  රෙස්ටුරන්ට් සඳහා ක්‍රිකට් ආයතනයට කෑම සැපයීම වෙනුවෙන් 2024 වසර සඳහා ඔහු මිලියන 49.2 ක් ලබා ගෙන තිබෙනවා. මීට අමතරව රෝහල් හා ප්‍රතිකාර වෙනුවෙන් තවත් මිලියන 3.4 ක් නවලෝක රෝහලට ලබා ගෙන තිබෙනවා.


    වෙනත් ගෙවීම් පමා කරද්දී ඔහු විසින් ගිණුම් අංශයට බලපෑම් කර නවලෝකයට අය විය යුතු චෙක්පත හැකි ඉක්මනින් ලබා ගන්නා බව ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් lankasportsnews වෙත පැවසුවා.

    මීට පෙර වසරේ එනම් 2023 ඔහු නවලෝක කොම්පැනියට ක්‍රිකට් ආයතනයෙන් ලබා ගෙන ඇති මුදල මිලියන 102.5 ක්.


    කොවිඩ් සමයේ ක්‍රිකට් වලට අදාල සියලු පරීක්ෂණ සිදු කරන ලද්දේ නවලෝක රෝහලයි. රටේ ක්‍රිකට් හදන්න ක්‍රිකට් බෝඩ් එකට එන්නන් තමන්ගේ කොම්පැනිත් හදා  ගන්නේ මේ ආකාරයටයි.

    No comments