රොෂාන් මහානාම ඉල්ලා අස්වූයේ ඇයි? ක්‍රීඩා ඇමති නිහඬයි?
ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ විසින් පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වයෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා ජාත්‍යන්තර තරග තීරක රොෂාන් මහානාම ඉල්ලා අස්වී කිහිප දිනක් ගතව ඇතත් පතෝල ක්‍රීඩා ඇමතිවරයා මේ දක්වා ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබෙනවා.
පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වූ බව රොෂාන් මහානාම තම ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර සිටියත් ඔහු ඉල්ලා අස්වූයේ තමන් විසින් දෙන ලද උපදෙස් වලට ක්‍රීඩා ඇමතිවරයා විසින් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඇති වූ කලකිරීම නිසා බව lankasportsnews වෙත වාර්තා වෙනවා.
ඇමතිවරයා තබා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වන ප්‍රියන්ත ඒකනායකවත් මේ දක්වා ඒ ගැන කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව සිටීමත් විමතියට කරුණක්.
ක්‍රීඩාවේ මහත්මයකු ලෙස පිළිගැනෙන රොෂාන් මහානාම විසින් ක්‍රිකට් සම්බන්ධව ඵලදායී යෝජනා රැසක් ඉදිරිපත් කර ඇතත් දූෂිත ක්‍රිකට් බලධාරීන්ගේ සාක්කුවේ සිටින පතෝල ඇමතිවරයා ෂම්මි ඇතුළු දූෂිත නඩයේ රූකඩයක් බවට පත්ව තිබීම හේතුවෙන් ක්‍රිකට් බලධාරින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති නඩුව හා කෝප් කමිටුවට ඉදිරියේ ඔවුන් කැඳවීමට නියමිතව තිබීම ගැන තමන් විශ්වාසයෙන් බලා සිටින බව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු lankasportsnews වෙත පැවසුවා.
මේ අතර පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලන අධ්‍යක්ෂවරයකු වන ලැසිල් ද සිල්වා පසුගියදා ක්‍රිකට් බලධාරීන් පස් දෙනකුගේ නීති විරෝධී වත්කම් උපයා ගැනීම් ගැන විමර්ෂණයක් කරන මෙන් අල්ලස් කොමිසමට හා සීඅයිඩියට පැමිණිල්ලක්ද කළා. ඒ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී හෙළිදරව් කරන්නට lankasportsnews සූදානම්.
Roshan Mahanama Resigns from National Sports Council Amid Frustration Over Minister’s Silence
Former Test cricketer and international match referee Roshan Mahanama has resigned from the National Sports Council (NSC), just months after being appointed by Sports Minister Sunil Kumara Gamage. His decision and the government’s silence in response have sparked widespread discussion within Sri Lanka’s sporting community.
Although Mahanama officially cited personal reasons in his resignation letter, sources close to him told LankaSportsNews that the real motivation was his frustration with the Sports Minister’s failure to acknowledge or act on the proposals and advice he had put forward.
Adding to the controversy, NSC Chairman Priyantha Ekanayake has also remained silent, avoiding any public comment on the issue—an omission that has raised further questions.
Mahanama, widely respected as one of cricket’s true gentlemen, is said to have presented a number of practical and effective recommendations for the betterment of Sri Lankan cricket. However, critics accuse the minister of acting as a “puppet of corrupt cricket administrators, including Shammi Silva,” who are currently facing a Supreme Court case and are expected to be summoned before the COPE Committee.
Speaking to LankaSportsNews, a former Test player close to Mahanama expressed confidence that the legal and parliamentary processes would hold the officials accountable.
In a related development, Lacile de Silva, a former Director of Administration in Parliament, recently lodged a complaint with the Bribery Commission and the CID, calling for investigations into the alleged unlawful enrichment of five senior cricket officials.
LankaSportsNews has indicated that further revelations on the matter will be published in the coming days.
No comments