• Breaking News

    ක්‍රීඩා ඇමතිගේ සංශෝධන බල්ලට දමා ක්‍රිකට් වලට වෙනම සංශෝධනයක් ගෙන එයි


    ලංකාවේ ක්‍රීඩා ඇමතිවත් අලුත් ක්‍රීඩා අණ පනත්වත් සත පහකට මායිම් නොකරන ෂම්මි ඇතුළු ක්‍රිකට් හොර නඩය සැප්තැම්බර් මුල විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා       එහි ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නට සැලසුම් කරමින් සිටින බව lankasportsnews වෙත වාර්තා වෙනවා.


    පසුගියදා පාර්ලිමේන්තුවේද  සම්මත වූ නව ක්‍රීඩා පනත් සංශෝධනයට අනුව ඕනෑම සංගමයක වසර අටක් ප්‍රධාන නිලතල දැරූ අයකුට    නැවත ප්‍රධාන තනතුරකට ඒමට නොහැකි වීම නිසා වෙනත් හොර පාරකින් රිංගා ගැනීමට හැකි වන පරිදි ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට ෂම්මි, සුජීව, රවින් ඇතුළු හොර නඩය මෙම සැලසුම දියත් කරන්නට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.


    මේ සැලසුමට අනුව ක්‍රිකට් විධායක සභාවේ සම්මත නිලධාරි මණ්ඩලයට උඩින් පිලර්ස් යනුවෙන් හත් දෙනකු පත් කර ගැනීමත් ඒ අනුව පරිපාලනයේ සියලු කටයුතු මෙහෙයවීම මෙම හත් දෙනාගෙන් කිරීමත් මෙහි යටි අරමුණ වී තිබෙනවා. 

    ඒ අනුව මීළඟ නිලවරණයේදී ප්‍රධාන නිලතල වලට තරග කළ නොහැකි ෂම්මි, සුජීව ,ජයන්ත, රවින් යන ක්‍රිකට් නිධානයට අරක් ගෙන සිටින බහිරවයන් සිව් දෙනාට පිලර් හෙඩ්ලා ලෙස යළි ක්‍රිකට් විධායක සභාවට පිවිස එහි පරිපාලනය අතට ගැනීම මෙම කුමන්ත්‍රණයේ අදහස වී තිබෙනවා.

     

    තමන්ට අවශ්‍ය පරිදි නැටවිය හැකි රූකඩයෙක් බඳු ක්‍රීඩා ඇමතිවරයෙක් සිටීම මොවුන්ගේ සිතැඟි ක්‍රියාවට නංවා ගැනීමට හොඳම අවස්ථාවක් බවට පත් කර ගෙන ඇති මොවුන්  මුදල් ව්‍යාපෘති පෙන්වා මාලිමා රජයේ ඇමතිවරුන් කිහිප දෙනකුම මේ වන විට තම සාක්කුවට දමා ගන්න සමත් වී තිබෙනවා.


    මේ සම්බන්ධයෙන් lankasportsnews  ඇමතූ වත්මන් ස්වාධීන ක්‍රිකට් විධායක කමිටු නිලධාරියකු  කීවේ මෙම හොරනඩය තව  දුරටත් ක්‍රිකට් පරිපාලනයේ සිටියොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මළගම නුදුරේම සිදුවීම වැලැක්විය නොහැකි බවයි.


    ක්‍රීඩා පනත සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේම කෝටි 62 ක් වැයකොට පාසල් ක්‍රීඩකයන්ට සපත්තු හා ක්‍රිකට් භාණ්ඩ බෙදා දීමේ උත්සවයක්ද සංවිධානය කොට තිබුණු අතර රූකඩ ක්‍රීඩා ඇමතිවරයා උදේ වරුවේ පාර්ලිමේන්තුවටද  නොගොස් පින්තූර වලට විරිත්ත විරිත්තා ඊට සහභාගි වීම බොහෝ අයගේ සිනාවට ලක්ව තිබෙනවා.


    ක්‍රිකට් බලධාරීන් පවසන්නේ හරින් ප්‍රනාන්දුට    අමතරව  මෙතෙක් ඔවුන්ට ලැබුණු හොඳම ක්‍රීඩා ඇමතිවරයා සුනිල් කුමාර ගමගේ බවයි.


    No comments