• Breaking News

    චරිත් අසලංක මැච් විකුණුවාදැයි වහාම හොයන්න


    කාසියේ වාසිය ක්‍රිකට් තරග  වල තීරණ වලට ලොකු බලපෑමක් කරනවා. සමහර නායකයෝ තණ තීරුව හරි හැටි කියවා ගන්න බැරි නම් කාසියේ වාසිය නොලැබුනොත් හොඳයි යන මතයෙන් ඉන්නවා. 


    නමුත් තණතීරුව හොඳින් කියවා ගත හැකි වුණත් සමහර නායකයන් කාසිය දිනා වුවමනාවෙන්ම වැරදි තීරණයක් ගන්නවා.


    අන්තිමේ තරගය පරදිනවා.

    ඒ සමහර තරග වල අවසානය ඉතාමත් මතබේදාත්මකයි.


    අපේ රටේ එහෙම මතබේදාත්මක විදියට කාසියේ වාසිය කණපිට හරවා ගෙන පැරදුනු තරග කීපයක් තියෙනවා.


    චාමර කපුගෙදර නායකත්වය දැරූ සිම්බාබ්වේට එරෙහිව දඹුල්ලේ පැවති තරගයත් එහෙම එකක්. මුළු ඩ්‍රෙසින් රූම් එකම බලන් ඉන්දැද්දි තනි මතයට කපුගෙදර කාසියේ වාසිය දිනා ගත් වැරදි තීරණය ගැන එවකට ක්‍රිකට් බලධාරීන් පරීක්ෂණයක් පැවැත්වුවත් එය යට ගහපු හැටි බොහෝ දෙනෙකුට තාමත් මතකයි.


    චරිත් අසලංක දඹුල්ලේ පැවති විස්සයි විස්ස දෙවෙනි තරගයේත් ඛෙත්තාරාමයේ පැවති තුන්වැනි තරගයේත් කාසියේ වාසිය දිනා ගත් වැරදි තීරණය ගැන වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.


    එම ක්‍රීඩාංගණ දෙකේම තණතීරුවේ ඉතිහාසය හා ස්වභාවය දැන දැනම වැරදි තීරණයක් ගත්තේ ඔහුගේ තනි මතයටද නැත්නම් පුහුණුකරු සනත් ජයසූරියගේ වුවමනාවටද නැත්තන් 1X BET ගේ වුවානාවටද යන්න වංචා විමර්ෂණ ඒකකය විසින් පරීක්ෂා කළ යුතුයි.


    මීට පෙර චරිත් 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දරද්දීත් මෙවැනි හිතුවක්කාර තීරණ ගත් බව එම කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් lankasportsnews වෙත පැවසුවා. 


    ඒ කියන්නේ චරිත් අසලංක ගැන කියවෙන ලොකු කතාවක් ඇති බවයි.


    ඔහුගේත් පුහුණුකරුගේත් ජංගම දුරකථන හා බැංකු  ගිණුම් වහා පරීක්ෂා කළ යුතු බවත් මෙම තරග දෙක සඳහා කණ්ඩායම් තෝරා ගත් ආකාරය ගැනත් ඇතැම් ක්‍රීඩකයන් දැවී ගිය ආකාරය ගැනත් පහසු උඩ පන්දු අත හැරි අන්දමත් වහාම සොයා බැලිය යුතු බව සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් lankasportsnews වෙත පැවසුවා. 


    මේ පිළිබඳව තමන් සතු තොරතුරු සහිතව ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ ඒකකයටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්  පැමිණිලි කිරීමට තමන් කටයුතු කරන බවත් ඔවුන් පැවසුවා.


    මෙම තරග දෙකේදී මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් වන 1XBET   ඔට්ටු ආයතනයේ වෙබ් සයිටයේ වරින් වර ඔට්ටු වෙනස් වූ ආකාරයද තමන් විමර්ෂණය කරමින් සිටි බව පැවසූ එක් ක්‍රිකට් ලෝලියකු පැවසුවේ පසුගිය වසර දෙක මුළුල්ලේ  එල් පී එල් තරගාවලියද ඇතුළුව ශ්‍රී ලංකා පිලේ තරගාවලි සියල්ලකම පාහේ අනුග්‍රාහකයකු ලෙස කටයුතු කිරීමත් පිටිපස විශාල අබ්රහසක් ඇති බවයි.


    එසේම පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියට නව ක්‍රීඩා පණත  යටතේ ක්‍රිකට් වලට සම්බන්ධ වීමට නොහැකි වන  අයිසීසී තහනමකට ලක්ව තිබියදී ක්‍රීඩා ඇමති වරයාගේම ආශිර්වාදය ඇතිව තව දුරටත් පුහුණුකරු ධූරයේ කටයුතු කිරීම ඇදහිය නොහැකි කරුණක් බවත් ඔහු වැඩි දුරටත් පැවසුවා.


     අයිසීසී වර්ගීකරණයේ අපට වඩා පහළින් සිටින  එක්සත් අරාබියෙන්ද පැරදී මෙහි පැමිණි ලොන්ත කණ්ඩායමක් සමග පිට පිට තරග දෙකක් අජූත ලෙස පැරදීම වහා විමර්ශනට ලක් විය යුතුයි.

    No comments