Monday, December 31, 2018

තරග මුදලට පාවාදීම් පසුපස හිටපු පාලකයින් හා පාතාලය - Video



ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා වැඩ ආරම්භ කිරීමත් සමග දූෂණ හා අක්‍රමිකතා වැලැක්වීමට වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මේ යටතේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර් ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා පසුගිය 27 වැනිදා හමුවී තිබෙනවා. එම හමුවේදී ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර දූෂණයෙන් හා වංචාවෙන් මුල් තැනට පැමිණ ඇති බව යලිත් පෙන්වා දුන් බව අමාත්‍යවරයා පවසනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේදී එම හමුව පිලිබද තොරතුරු දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියා.

No comments:

Post a Comment