• Breaking News

    කෝට් ගණන් වියදම් කර ලෝකෙට පරකාසයක් වූ ක්‍රිකට් විහිළු සම්මාන උළෙල


    ලංකාවේ ක්‍රිකට් ආයතනයේ විහිළු සම්මාන උත්සවයක් පහුගියදා මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. කෝටි පනහකට වඩා මුදලක් වියදම් කරමින් පැවැත්වුණු මේ සම්මාන උළෙලේ අනුග්‍රාහකයන් ලෙස හෝම් ලෑන්ඩ්ස් සමාගම නම් කර තිබුණත් ඔවුන් මේ සඳහා කොපමණ මුදලක් දුන්නාද යන්න තවමත් lankasportsnews වෙත වාර්තා වී නැහැ.


    හෝම් ලෑන්ඩ්ස් බ්‍රෑන්ඩ් එම්බසඩර් වන සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩකයන් ඔවුන්ගේ අවුරුදු උත්සවයට ගෙන ගිය ආකාරයේම මැදිහත් වීමක් කර ඇති බව වාර්තා වෙනවා. 


    මේ සම්මාන උත්සවයේදී ක්‍රිකට් ක්‍රීඩාවට දැරූ  දායකත්වය වෙනුවෙන්  චන්ද්‍රා ෂාෆ්ටර්, ස්ටැන්ලි ජයසිංහ, රංජිත් ප්‍රනාන්දු යන හිටපු ශ්‍රීලංකා ක්‍රීඩකයන් තිදෙනාට ජීවිත කාලයේ එක් වරක් පිරිනැමෙන ගෞරව සම්මානය ලබා දුන්නා. 

    වයෝවෘද්ධ වියේ පසුවන මොවුන් තිදෙනාට එවැනි සම්මානයක් ලබා දීම අගය කළ යුතු වුවත් ඔවුන් තිදෙනා සමගම මහනුවර ක්‍රිකට් දේශපාලනයේ අවුරුදු ගණනක් සිටින ක්‍රිකට් ක්‍රීඩා කර හෝ නොමැති ජානක පතිරණටත් එම පිළිගැනීමම ලබා දෙමින් ඒ සම්මානයම ලබා දීම කාගේත් හිනාවට හේතු වුණා 


    එය හරියට කිරි කළයට ගොම ටිකක් එක් කිරීමක් ලෙස හා රුපියල් අස්සේ අලුක් කාල් ගැසීමක් ලෙස එහි සිටි බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා. 


    අනික් තිදෙනාගේ නම් කියවෙන විට උත්සවයේ සිටි සියලු දෙනා අසුන් වලින් නැගිට අත්පොළසන් දෙද්දී ජානකගේ නම කියවෙද්දී කිසිවකු හුන් තැන් වලම අසුන් ගෙන සිටීමෙන් හා එක් මේසයකින් හැර වෙනත් කිසිදු මේසයකින් අප්පුඩියක් හෝ නොඇසීමෙන් මේ විහිළුවට  ක්ෂණිකව ලැබුණු ප්‍රතිචාරය පැහැදිලි වෙනවා.


     


    එතැන සිටි බොහෝ දෙනා කීවේ මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්.රෝයි ඩයස් වැනි පිදිය යුත්තන් සිටියදී ජානක පතිරණ වැන්නෙකුට ජීවිත කාලයට වරක් පිදෙන සම්මානයක් ලබා දීම ෂම්මි ඇතුළු ක්‍රිකට් බලධාරීන්ගේ හෙළුව හොඳින්ම පෙන්නුම් කරන බවයි.


    මීට අමතරව  එවැනිම ජීවිත කාලයට වරක් පිදෙන සම්මානයකින් පුදනු ලැබූ ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනා ගැනද මාධ්‍යවේදීන් අතරම ඇත්තේ බලවත් අප්‍රසාදයක්.


    දිනමිණේ ප්‍රින්ස් ගුණසේකර හා ඉරිදා ලංකාදීපයේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් ට වඩා එවැනි සම්මානයක් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කර ඇති ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දීමට තිබුණු බව ඔවුන් පවසනවා.



    මොවුන් දෙදෙනා ක්‍රිකට් වෙනුවෙන් කර ඇති එකම සේවය ෂම්මි හා ජයන්ත ධර්මදාසට කඩේ යාම පමණක් බව පවසන ඔවුන් වැඩි දෙනෙක් ඉදිරියේ පැවැත්වෙන මෙවැනි සම්මාන උත්සව වර්ජනය කරන බවත් lankasportsnews වෙත පැවසුවා.


    ඉදිරියේදී මාධ්‍ය කරුවන්ට සම්මානයක් දෙන්නේ නම් *හොඳම කඩේ යන මාධ්‍යවේදියාට පිදෙන සම්මානය* යනුවෙන් එය හැඳින්විය යුතු බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුවා.


    මෙම සම්මාන උත්සවය ක්‍රිකට් ආයතනයේ චන්ද හිමි දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ නිලධාරීන්ට හොඳට කන්න බොන්න දෙන අවස්ථාවක් බවටද පත් කරගෙන තිබුණු අතර ඔවුන්ද එදා ඒ අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගෙන කකුල් හතරෙන් ගෙදර ගිය බවත් වාර්තා වෙනවා.


    ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් කරන්නට බොහෝ දේවල් තිබියදී කෝටිගණන් වියදම් කොට  වත්මන් ක්‍රිකට් බලධාරීන් සංවිධානය කරන මෙවැනි බොරු උත්සව වලට ලජ්ජාවක් නොමැතිව එන ක්‍රීඩා ඇමති හා උප ඇමතිත්   කිසිදු සම්බන්ධයක් නොමැතිව ටයි කෝට් පැළඳ  පැමිණි වසන්ත සමරසිංහත් ඇත්තටම එහි පැමිණිය යුතුව තිබුණේ කලිසම් ගෙදර තබා බව රටේ සැබෑ ක්‍රිකට් ප්‍රේමීන්ගේ අදහසයි.



    No comments