මව් සංගම් වලට දැමූ රෙගුලාසි දිස්ත්‍රික් සංගම් වලටද අදාල විය යුතුයි
මාලිමා රජයේ ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ ක්‍රීඩා පනත සශෝධනය කරමින් ගහපු අලුත් ගැසට්ටුව ගැන lankasportsnews හොඳ කිව්වා. පතෝලයෙක් වගේ මාස හයක් හිටියත් මේ ගැසට්ටුව පමා වී හෝ නිකුත් කරන්නට ඔහුට ගටක් ඒම පුදුමයට කරුණක්.
මේ ගැසට්ටුවේ හැටියට ක්‍රිකට්,වූෂු, පාපන්දු, මලල ක්‍රීඩා,නෙට්බෝල් ඇතුළු සංගම් ගණනාවක අවුරුදු ගණනක් මුළුල්ලේ එලවා ගත නොහැකිව සිටින ගෙවලයන් අවුරුදු අටකට සීමා කර තිබීම නම් නියමයි.
ඒත් lankasportsnews අවධාරණයෙන් කියන්නේ ඒ නීතිය සියලුම මව් සංගම් වලට වගේම දිස්ත්‍රික් සංගම් වලටද අදාල විය යුතු බවයි.
මේ වන විට ක්‍රීඩා බොහොමයක දිස්ත්‍රික් සංගම් වලද බලය අල්ලාගෙන අවුරුදු දහයක් පහළොවක් එක දිගට රැඳී සිට්න්නන්ද එලවා දැමිය යුතුයි.
එහෙම නම් නව ක්‍රීඩා රෙගුලාසි සංගම් වල සාමාජික දිස්ත්‍රික් හා පළාත් සංගම් වලටද වලංගු වන පරිදි සංශෝධනය කළ යුතුයි. අප රටේ ක්‍රීඩාව ගොඩ ගන්න නම් මුල සිටම එය ශුද්ධ කිරීම කළ යුතුමයි.
No comments