• Breaking News

    රොෂාන් අබේසිංහගේ මුහුණු පොත අයිසීසියට


    ලංකාවේ ක්‍රිකට් මාෆියාවක් දුවන චරිත කිහිපයකින් අතරින් රොෂාන් අබේසිංහ සුවිශේෂීයි. රාගම ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස චන්ද දෙකක් පෙන්නමින් බලයට එන සෑම සභාපතිවරයෙක් සමගම ඔහු දමන ඩීල් එකේ ජාත්‍යන්තර විස්තර විචාරකයකු ලෙස අනිවාර්‍යෙන් තම නම නිර්දේශ කර ගැනීම ඇතුළත් බව lankasportsnews මීට කලිනුත් අනාවරණය කළා. තම නම සඟවමින් තවමත් ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඒජන්තවරයකු ලෙසත් කටයුතු කරනවා. ඔහු වෙනුවට ඉදිරියට දමා ඇත්තේ ඔහුගේ ලේකම්වරියගේ නමයි.


    ලංකා ප්‍රිමියර් ලීගයේත් ක්‍රීඩක වෙන්දේසියට විචාරකයකු ලෙස රිංගා ඔහු තම ක්‍රීඩකයන් එයට රිංගවූ අයුරුත් lankasportsnews මීට පෙර පෙන්නා දුන්නා.

    ලංකා ප්‍රිමියර් ලීගය 2021 නාකි ලීගයක් බවට පත් කළ ක්‍රීඩක වෙන්දේසියක්



    ජාත්‍යන්තර විස්තර විචාරයේ යෙදෙන කිසිවකු විස්තර විචාරය අතරතුර තමන්ගේ මුහුණු පොතේ තරගය ගැන කිසිවක් නොදැම්මත් රොෂාන් අබේසිංහ තම මුහුණු පොතෙන් දිගටම කාලගුණය හා ක්‍රීඩාංගණයේත් තණ තීරුවේත් තොරතුරු දැන්වීම සිදු කරනවා.

    මෙය වක්‍ර ආකාරයෙන් ඔට්ටු කරුවන්ට තොරතුරු දැන්වීමක්. මේ පිලිබඳ Lankasportsnews අප මීට පෙර පළකල ලිපිය පහතින් කියවන්න..


    රොෂාන් අබේසිංහ බුකී ඒජන්තයෙක් ? Exclusive Exposed



    අයිසීසිය විසින් මොහුගේ මේ ක්‍රියා කලාපයන් ගැන අවධානයෙන් සිටින බව ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරියෙක් lankasportsnews වෙත පැවසුවා.

    මෙහි දැක්වෙන්නේ අද තරගය වර්ෂාව නිසා නවත්වා තිබූ අවස්ථාවේ සෝනි විකාශයද අත් හිටුවා තිබියදී ඔහු තම මුහුණු පොතේ තරගයේ තොරතුරු දක්වා සිටි අයුරුයි.




    රොෂාන් අබේසිංහගේ මුහුණු පොතේ මෙම කාලගුණ දත්ත තොරතුරු කලක් නතර කර තිබුණත් ඔහු නැවතත් එය ආරම්භ කර තිබෙනවා.

    මේවායේ ස්ක්‍රීන් ෂොට් අයිසීසියේ දූෂණ මර්ධන ඒකකයට යැවීමට තමන් කටයුතු කරන බවත් ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් lankasportsnews වෙත පැවසුවා.




    No comments