• Breaking News

    LPL ක්‍රිකට් තරගාවලියේ දූෂණයට වැට බදින්න අර්ජුනගෙන් ක්‍රීඩා ඇමතිට ප්‍රශ්න පත්‍රයක්


    ලංකාවේ ක්‍රිකට් කියන්නේ ආගමක් තරම් මිනිසුන්ට සමීප ක්‍රීඩාවක්. එහෙත් ක්‍රිකට් සභාපතිවරුන්ගේ අල්ලේ නටන රූකඩ ලෙසයි ඡන්දයෙන් පත්වන ක්‍රීඩා ඇමතිවරු කාලය ගෙවන්නේ. ඊට උදාහරණයක් අවශ්‍ය නම් වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ක්‍රියා කලාපය පෙන්වා දිය හැකියි. කොරෝනා වසංගතය නිසා රටම අකර්මණ්‍ය වී ඇති මොහොතක කඩි මුඩියේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට අමාත්‍ය නාමල් සූදානම් වනවා. ඒ රෝමය ගිණි ගනිද්දී නීරෝ වීනා වැයීම සිහියට නංවමිනුයි. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අඩුපාඩු රැසකින් සමන්විත දූෂණයට පාර කැපූ තරගාවලියක් බව Lankasportsnews අප අවස්තා රැසක තොරතුරු අනාවරණය කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක අර්ජුන රණතුංගත් මෙම තරගාවලිය පිලිබද ප්‍රශ්න පත්‍රයක් අමාත්‍ය නාමල් රාජපක්ෂට යොමුකර තිබෙනවා. අද දිග හැරුම ඒ පිලිබදවයි.


    1996 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා ගැනීමට නායකත්වය ලබාදුන් අර්ජුන රණතුංග ක්‍රිකට් පිටියෙන් සමු ගනිමින් දේශපාලනයට පිවිසියා. අනතුරුව අමාත්‍යධූර දරමින් මෙරට දේශපාලන වේදිකාවේ දූෂණයට එරෙහිව ඔහු ප්‍රභල හඩක් නැගුවා. ක්‍රිකට් ආයතන දූෂණ අක්‍රමිකතා රැසක් අනාවරණය කරමින් පෙරලිකාර චරිතයක් ලෙස එදා මෙදාතුර කටයුතු කරනවා. එහෙත් ක්‍රිකට් දේශපාලන නිසා සෑම විටම ක්‍රිකට් ආයතන ඡන්ද සටනට පැමිණ පරාජය වැලද ගනිමින් ඔහු නික්ම යනවා. එලෙසම පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන්ද නොසිතූ පරාජයක් උරුම කරගත් අර්ජුන එදා මෙදා තුර වේදිකාවේ දක්නට ලැබුනේ නැහැ. එහෙත් එම නිහඩතාව බිදිමින් කල එලි බැසීමට හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තෝරා ගෙන ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියයි. එහි දූෂණයට ඇති ඉඩ ඇහිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ප්‍රශ්න පත්‍රයක් යොමු කිරීමට අර්ජුන රණතුංග කටයුතු කර තිබෙනවා.


    ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානියා ලෙස පෙනී ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්නයි. ඔහුට ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්තාවක් මගින්ම තරග පාවාදීම් චෝදනා එල්ල වී ඇති බව Lankasportsnews අප අනාවරණය කළා. එපරිද්දෙන්ම අර්ජුන රණතුංගත් මෙම රවීන් වික්‍රමරත්න පිලිබද ප්‍රශ්න කරනවා. ඊට අමතරව ප්‍රධාන ප්‍රශ්න කිහිපයක්ද යොමුකර තිබෙනවා.

    01. මෙම තරගාවලිය අයි. සී. සීය විසින් අනුමත කර තිබේද ? එය ඍජු මැදිහත් වීමක්ද ?

    02. මෙම තරගාවලිය අයි. සී. සී දූෂණ විරෝධී නිලධාරීන් අධීක්ෂණය කරන්නේද ?

    03. අයි. සී. සී. දූෂණ විරෝධී නිලධාරීන් මෙම තරගාවලිය අධීක්ෂණය නොකරන්නේ නම් එම කාර්යය සිදුවන මෙරට ආචාර්ය ධර්ම පද්ධතිය කුමක්ද ?

    04. ක්‍රීඩයින් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කරන්නේ කවුරුන් සමඟ ද? ( ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ? කණ්ඩායම් හිමිකරුවන් සමඟ ද? )

    05. මෙම තරගාවලිය පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් තිබේද ? (එසේනම් ඒ කුමන අංශයෙන්ද ?)


    06. කණ්ඩායම් හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇති තක්සේරුව මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් ද ?


    අර්ජුන රණතුංග යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙනවා.











    මේ පිලිබද වීඩියෝව මෙන්න..





    No comments