ජය කණුව ජයන්තට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21
වැනිදා පැවැත්වීමට නියමිතයි. එහිදී ක්‍රීඩා සමාජ 82 ක් ඡන්ද 142 ක් භාවිත කිරීමට
නියමිතයි. ක්‍රිකට් නිලවරණයේ සභාපති අපේක්ෂකයින් දෙදෙනා වන්නේ ජයන්ත ධර්මදාස මහතා
හා ශම්මි සිල්වායි. මීට පෙර තිලංග පාර්ශවය නියෝජනය කරමින් මොහාන්ද සිල්වා මහතා සභාපති
සටනට ඉදිරිපත්ව සිටියා. එහෙත් අභියාචනා කමිටුව තීරණය කළේ ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප
කිරීමටයි. එය නීතිපතිවරයාද අනුමත කර අවසන්. පිරිසක් සූදානම් වූයේ මොහාන් සභාපති
බවට පත්කර රූකඩ පාලකයෙක් බවට පත්කිරීමටයි. එහෙත් නීතිපති තීරණයෙන් එය වෙනස්වුණා.
ජනාධිපතිවරයා පසුගියදා පැවසුවේ ක්‍රිකට් මේ වන
විට විනාශ කර ඇති බවයි. 1996 වසරේදී අර්ජුන ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් පසු ක්‍රිකට් ක්‍රීඩාවේ
පිබිදීමක් ඇතිවුණා. එහෙත් පසුගිය වසර 04 දී ක්‍රිකට් ආපසු හැරවීමට අපහසු ලෙස පසුපසට
ගියා. එය වෙනස්කිරීමට අවස්ථාවක් හිමිව තිබෙනවා. එය ප්‍රයෝජනයට ගැනීම ක්‍රීඩා
සමාජවලට පැවරෙන වගකීමක්.
ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීම ජයන්ත ධර්මදාස මහතා
ඉදිරියේ ඇති අභියෝගය වනවා. ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට නායකත්වය ලබා දුන් අමාත්‍ය
අර්ජුන රණතුංග මහතා පාසල් ක්‍රිකට් ගොඩනැංවීම භාරගෙන අවසන්. ඒ ක්‍රිකට් නිලවරණයෙන්
ජය ගනිමින් උප සභාපතිබවට පත්වෙමින්. පසුගිය කාලයේ සිදුවූ දේ සොයමින් කාලය නාස්ති
නොකරන බව මේ වන විටත් ජයන්ත පවසා අවසන්. විනාශ වූ ක්‍රිකට් ගොඩනැංවීම සැලැස්මකට
අනුව සිදුකරන බවයි ඔහු පවසන්නේ.
මේ අතර ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනාව ප්‍රතික්ෂේප
වූ මොහාන්ද සිල්වා මහතා හෙට (11) කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබෙනවා. එහිදී ඔහු
තහනම පිලිබද ඉදිරි කටයුතු ප්‍රකාශ කරනු ඇති.
2019 ක්‍රිකට් නිලවරණයේ ඡන්දය හිමි ක්‍රීඩා සමාජ පහත දැක්වෙනවා.
2019 ක්‍රිකට් නිලවරණයේ ඡන්දය හිමි ක්‍රීඩා සමාජ පහත දැක්වෙනවා.
North
Central Provincial Cricket Association
|
Uva
Provincial Cricket Association
|
Western
Provincial Cricket Association
|
Central
Provincial Cricket Association
|
Defense
Service Sports Board
|
Mercantile
Cricket Association
|
Nationalized
Services Cricket Association
|
Sri
Lanka State Service Cricket Association
|
Sri
Lanka University Sports Association
|
Ampara
District Cricket Association
|
Anuradhapura
District Cricket Association
|
Badulla
District Cricket Association
|
Batticaloa
District Cricket Association
|
Colombo
District Cricket Association
|
Galle
District Cricket Association
|
Gampaha
District Cricket Association
|
Hambantota
District Cricket Association
|
Jaffna
District Cricket Association
|
Kalutara
District Cricket Association
|
Kandy
District Cricket Association
|
Kegalle
District Cricket Association
|
Kurunegala
District Cricket Association
|
Matale
District Cricket Association
|
Matara
District Cricket Association
|
Moneragala
District Cricket Association
|
Nuwara
Eliya District Cricket Association
|
Polonnaruwa
District Cricket Association
|
Puttalam
District Cricket Association
|
Ratnapura
District Cricket Association
|
Trincomalee
District Cricket Association
|
Vavuniya
District Cricket Association
|
Bloomfield
C & A C
|
Bohra
S C
|
Burgher
Recreation Club
|
Catamarans
S C
|
Chilaw
Marians C C
|
Colombo
Colts C C
|
Colombo
C C (Gymkhana)
|
Colombo
Malay C C
|
Dimbulla
C & AC
|
Galle
Cricket Club
|
Kalutara
Town Club
|
Kolpetty
Play Ground S C
|
Kurunegala
S C
|
Leo’s
C C
|
Liberty
C C
|
Matara
S C
|
Moors
S C
|
Moratuwa
S C
|
Mutwal
S C
|
Negombo
C C
|
Nomads
S C
|
Panadura
S C
|
Nondescript
C C
|
Peterson
Lane Play Ground S C
|
Saracens
S C
|
Sebestianites
C & AC
|
Singhalese
S C
|
Tamil
Union C & AC
|
University
of Colombo S C
|
Antonians
SC
|
Badulla
CC
|
Baduraliya
C C
|
Kegalle
C C
|
Kurunegala
Youth C C
|
Lankan
C C
|
Nugegoda
SW & C
|
Old
Anandians SC
|
Old
Cambrians SC
|
Old
Dharmapalians SC
|
Old
Trinitian’s SC
|
Piliyandala
TSC
|
Ragama
CC
|
Rajarata
SC
|
Rio
SC
|
Singhe
SC
|
United
Southern CC
|
University
of Kelaniya SC
|
University
of Moratuwa SC
|
Wattala
CC
|
Wennappuwa
SC
|
Xavierites
CC
|
No comments