• Breaking News

    ක්‍රීඩා නීතිය බල්ලට දැමූ මහින්ද


    ජාතික ජල ක්‍රීඩා සංගමයේ ලියා පදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පසුගිය වසරේ දෙසැම්බර් මස 11 වැනිදා පත්කළා. මහින්ද ලියනගේ මහතා සභාපති ලෙස කටයුතු කළ ජාතික ජල ක්‍රීඩා සංගමයේ අතුරුකමිටු සභාපති ලෙස පත්කළේ ආර් සත්කුමාර මහතායි. ලේකම් කමල් පද්මසිරි මහතා ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමේදී සංගමයේ සියළු චංචල දේපල අතුරු කමිටුවට භාර දීමට ලබාදී ඇති අවසන් දිනය 2018 දෙසැම්බර් 18 වැනිදායි. එහෙත් හිටපු සභාපතිවරයා ඇතුළු විධායක කමිටුව මෙතෙක් අතුරුකමිටුවට කිසිදු ලියවිල්ලක් භාර දී නැහැ.

    1973 අංක 25 දරණ ක්‍රීඩා පනත අනුව ජාතික සංගමය අහෝසි කර අතුරු කමිටුවක් පත්කළ විට සංගමයේ චංචල දේපල භාර නොදීම වරදක්. එම වරදට ලඝු නොවන නඩුවක් මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවරා රුපියල් පනස් දහසක දඩයක් පැනවීය හැකියි. මේ අනුව හිටපු සභාපති මහින්ද ලියනගේ මහතාට ක්‍රීඩා අමාත්‍යාංශය දඩ පැනවිය යුතුයි. ඊට අදාල ප්‍රධානම කරුණ වී ඇත්තේ ජාතික සංගමයේ ඊමේල් ලිපිනයේ මුර පදය ලබා නොදීමයි. පසුගියදා ජාතික ජල ක්‍රීඩා සංගමයට ජාත්‍යන්තර සංගමය තහනමක් පනවනු ලැබුවා. ඒ ජාතික සංගමය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.
    ජාතික සංගමය තහනම් කළ බව ජාත්‍යන්තර සංගමයට දැනුම් දී ඇත්තේ කවුරුන්දැයි මෙතෙක් ප්‍රකාශයට පත්ව නැහැ. සංගමයේ නිල ඊමේල් ලිපිනයේ මුර පදය හරහා ඊට අදාල ලිපි ගනුදෙනු සිදුව ඇතැයි සැකයක් පවතිනවා. කෙසේ වෙතත් හිටපු සභාපතිවරයාගේ බලලෝභීත්වය හේතුවෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 111 දෙනෙකුට දකුණු ආසියා පිහිණුම් හා ජලක්‍රීඩා තරගාවලියට එක්වීම ඇහිරී ගියා. ඒ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය පෞද්ගලික මුදලින් ගුවන් ප්‍රවේශ පත්‍රයේ රුපියල් 45 000 ක මුදල හා ක්‍රීඩා භාණ්ඩ මෙන්ම නිල ඇදුම්ද මිලට ගැනීමෙන් පසුවයි.

    හිටපු සභාපතිවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියා නවතා යලි ජාතික සංගමයේ කටයුතු නිසි ලෙස සිදු කිරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වහ වහා ක්‍රියා කරන තුරු රටම විමසිල්ලෙන්. ජල ක්‍රීඩා සංගමයට අතුරු කමිටුවක් පත්කරනු ලැබුවේ නිලවරණය ස්වාධීනව පැවැත්වීම සදහායි. ඒ විධිමත් පරීක්ෂණයකින් හිටපු සභාපති මහින්ද ලියනගේ මහතා ක්‍රීඩා පනත උල්ලංඝණය කරමින් මෙම තනතුරේ රැදී සිටින බව ඔප්පුවීමෙන් පසුවයි. සංගමයට අතුරුකමිටුවක් පත්කර මසක් ඇතුලත ජාත්‍යන්තර සංගමය ශ්‍රී ලංකාවට තහනමක් පනවනු ලැබුවා. එහෙත් ක්‍රිකට් ආයතනයේ නිලවරණය පසුගිය වසරේ මාර් තු 31 ට පෙර පැවැත්විය යුතු වුවත් වරකට ආසන්න කාලයක් පුරා තවමත් පවතින්නේ අමාත්‍යාංශ ලේකම්වරයා යටතේයි. එමෙත් ඊට කිසිදු ජාත්‍යන්තර තහනමක් නැහැ. එසේ තිබියදී ජලක්‍රීඩා සංගමය මසක් ඇතුලත තහනම් කිරීමට අදිසි හස්තයක් සිටිය යුතු නොවේද ?
    පෙර ලිපි

    No comments