SLC ලොකු පුටු පෙරළේ
ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනයේ ප්‍රධාන තනතුරු දරණ පිරිසකට මෙරව නිලවරණයේදී තනතුරු අහිමිවන බව ලංකා ස්පෝට්ස් නිව්ස් වෙත වාර්ථා වනවා. නිලවරණය මැයි 18
වැනිදා පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ. ඊට වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා
ඉදිරිපත්වන බව මේ වන විටත් ප්‍රකාශ කර අවසන්. මේ හේතුවෙනුයි ඔහු පසුගිය දිනවල ක්‍රීඩා
සමාජ රැසකට භාන්ඩ බෙදා දුන්නේ. තවත් වසර 10 ක කාලයක් යනතුරු ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනයේ සභාපති තනතුර වෙනස් නොවනු ඇති.
ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනයේ උප සභාපති තනතුරෙන් ජයන්ත ධර්මදාස මහතා පසුගිය වසරේදී ඉල්ලා අස්වුණා. එම
තනතුරට අරවින්ද ද සිල්වා පත්කිරීමේ සූදානමක් පැවතියා. එහෙත් එය සිදුවූයේ නැහැ.
කෙසේ වෙතත් මෙවර නිලවරණයේදී ඔහු පත්වනු ඇති. මේ අතර තිලංගාභි වන්දනා කල බොහෝ
දෙනෙකුට තනතුරු හිමිවනු ඇති බවත් අප වෙත වාර්ථා
වනවා.
No comments