නොසිතූ වාසනාව ගෙනා දිනූෂා හා ලක්මාල්
21 වන පොදුරාජ්‍ය
මණ්ඩලීය ක්‍රීඩා උළලේ සමාරම්භක දිනයේදීම ශ්‍රී ලංකාවට පදක්කම් 02 ක් දිනා දීමට බර
ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වුණා. අද දිනයේ පළමු පදක්කම ශ්‍රී ලංකාව වෙනුවෙන්
දිනා ගත්තේ චතුරංග ලක්මාල්. ඒ කිලෝ ග්රෑම් 56 බර පන්තිය යටතේයි. මෙහිදී ක්ලීන් ඇන්
ජර්ක් ක්‍රමයට කිලෝ ග්රෑම් 131 ක් එසවීමට
ඔහු උත්සාහ කළා. නමුත් එය අසාර්ථක වුණා. අනතුරුව ක්ලීන් ඇන් ජර්ක් ක්‍රමයට කිලෝ ග්රෑම් 134 ක් ඔසවමිනුයි ඔහු ලෝකඩ පදක්කම
දිනා ගත්තේ.
මේ අතර කිලෝ ග්රෑම් 48
බර පන්තිය යටතේ දිනූෂා හන්සානි ගෝමස් තවත් ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. ඒ බර ඉසිලීමේ
ඉසව්වෙන් මෙරට ක්‍රීඩිකාවක් දිනා ගත් පළමු පදක්කම හිමිකර ගත් ක්‍රීඩිකාව ලෙසයි.
No comments