• Breaking News

    ඇමති දයාසිරි ආයෙත් ගොනාට අදී


    ක්‍රීඩා පනත හෝ ක්‍රීඩා නීතිය ගණන් නොගෙන මෙරට ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස ඇතමුන් සලකන ජාතික ඔලිම්පික් කමිටුවේ වතමන් පාලනය කටයුතු කරමින් සිටිනවා. පසුගිය කාලය පුරා ඔවුන්ට තිබූ චෝදනාව වූයේ ගිණුම් විගණනය නොකිරීමයි. එහෙත් ඔවුන් මේ වනරේ මුලදී එකවර වසර 06 ක ගිණුම් ඉදිරිපත්කර විගණනය කරනු ලැබුවා. එවර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ එවකට සභාපතිවරයාට / ලේකම්වරයාට හා භාණ්ඩාගාරිකවරයාට යලි නිලවරණයකට ඉදිරිපත්වීමට අවස්ථාව නොදෙන බවයි. එහෙත් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා නිලවරණයට ඉදිරිපත්ව පහසු ජයක් ලබා ගත්තා. ඒ පසුපස සිටියේ හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතායි. එදා ක්‍රීඩා අමාත්‍යවරයා කටමැත දොඩවන පබයකු වූවා මෙන්ම යලිත් ඔහු පුහු වෙඩිල්ලක් වුණා.
    ලබන 04 වනදා සිට ඕස්ට්‍රේලියාවේ ගෝල් කොස්ට් හිදී ආරම්භවීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානියා ලෙස නම්කර ඇත්තේ හිටපු භාන්ඩාගාරික ගාමිණී ජයසිංහයි. එය අනුමත නොකරන බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එවිට එම වගකීම චන්දන ලියනගේට ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍යවරයාට ජාතික ඔලිම්පික් කමිටුව පවසා තිබෙනවා. එහෙත් ගෝල් කොස්ට් සංවිධායකයින් පවසන්නේ කණ්ඩායම් ප්‍රධානී තනතුර වෙනස්කිරීමට ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් නොලැබුණු බවයි. එවිට මෙය සිදුවන්නේ කෙසේද ? තරගාවලිය ආරම්භවන දින සිට දින කිහිපයක් කණ්ඩායම් ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ චන්දන බවයි වාර්තා වන්නේ. අනතුරුව තරගාවලිය අවසන් දිනවල ගාමිණි පැමිණීමට නියමිතයිලු. කණ්ඩායම් ප්‍රධානියා ලෙස පැමිණිය නොහැකි බව ගාමිණී දැනුම් දීම හේතුවෙන් එහි වැඩ බැලීමට චන්දනව පත්කර ඇති බව පැවසීම රටම නොමග යාවීමක්. මෙය ඉතා හොද පිටපතකට අනුව යන නාටකයක් බවයි වාර්ථා වන්නේ.


    No comments