ඇන්ජලෝ මැතිව්ස් යලි නායකත්වයට
ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායමේ එක්දින හා පන්දුවාර 20 නායකත්වයට යලි හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පත්
කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සමගින් ඔහු ශ්‍රී
ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේදී මේ පිලිබද වැඩිදුරටත්
සාකච්ජා කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. නව ප්‍රධාන පුහුණුකරු චන්දික
හතුරුසිංහ මහතා එහි අවසන් තීරණය ගන්නා බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා
පැවසුවේ. මෙලෙස පත්කරන නායකයාට 2019 ක්‍රිකට් ලෝක කුසලානය තුරු කටයුතු කළ හැකිවිය
යුතු බවයි තේරීම් කමිටු සාමාජිකයෙක් පැවසුවේ.
සාමාන්‍ය පිලිවෙත වන්නේ
ඉල්ලා අස්වූ නායකයකු යලි නායකත්වයට පත් නොකිරීමයි. එහෙත් මේ වන විට නායකත්වයට පත්කළ
යුතු සහ නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩකයකු නැහැ. පත්කරන ක්‍රීඩකයා දක්ෂතා අතර
සිටින්නෙක් විය යුතුයි. එවිටයි කණ්ඩායම සමබර කරගත හැක්කේ. මේ සියලු දේ සම්පූර්ණ
කර ඇති ක්‍රීඩකයකු ලෙස මේ වන විට සිටින්නේ ඇන්ජලෝ මැතිව්ස් පමණයි. කෙසේ වෙතත් මෙම
පත්කිරීමේ අවසන් තීරණය හතුරුසිංහ අත රැදී තිබෙනවා.
මේ අතර එක්දින නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත්කිරීමේ ඉඩක් ඇතැයි ඇතමුන් වාර්ථා කරනවා. එවිට පන්දුවාර 20 නායකත්වය පමණක් තිසරට හිමිවනු ඇති. කෙසේ වෙතත් කණ්ඩායමේ ස්ථානය හෝ මේ වන විට චන්දිමාල්ට හිමිව නැහැ. ඉන්දීය එක්දින තරගාවලියේදීත් එයම සිදුවූවා.
No comments