බොක්සිං ක්‍රීඩිකා ක්‍රිෂ්මි අර්ධ අවසන් පූර්ව වටයට

ආසියානු කාන්තා බොක්සිං තරගාවලියේ ක්‍රිෂ්මි ධර්මතිලක ක්‍රීඩිකාව අර්ධ අවසන් පූර්ව  වටයට සුදුසුකම් ලබා තිබෙනවා. රටවල් 22 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 182 කු මෙම තරගාවලියට එක්ව සිටිනවා. බර පන්ති 06 ක් නියෝනය කරමිනුයි ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් 06 දෙනෙකු තරගාවලියට එක්ව ඇත්තේ. කිලෝ ග්‍රෑම් 60 බර පන්තියෙන් පළමු වටයේ තරගයකට  ක්‍රිෂ්මි ධර්මතිලක එක්වුණා. ඒ නේපාල ක්‍රීඩිකාවක් සමගයි. මෙම තරගයේදී ජයග්‍රහණය ලබා ගනිමින් අර්ධ අවසන් පූර්ව  වටයට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රිෂ්මි ධර්මතිලක සමත්වුණා. එහිදී ඇය ඉන්දීය බොක්සිං ක්‍රීඩිකාවක් සමගින් අද දිනයේ තරග වැදීමට නියමිතයි. 

Share on Google Plus

About lanka sports news

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment